නැවක් එන දවසක්  කියන්න බැහැ – පෝලිම්වල ඉන්න එපා – – ඇමැති කංචන කියයි

296

රටේ ඉන්ධන පරිභෝජනය  සියයට 40කින් අඩු කළ යුතුයි
පෝලිම්වල සිටින  අයට ටෝකන්
සපුගස්කන්ද නවතී :
භූමිතෙලුත් නෑ
සති දෙකකට වරක්  ඉන්ධන මිල  සංශෝධනයක්


රටේ තිබෙන මූල්‍ය වාතාවරණය සහ බැංකුවල තිබෙන ශ්‍රේණිගතකිරීම් මත ණයවර ලිපි විවාත කිරීම මගින් ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට මුදල් ගෙවීමට නොහැකි වීම නිසා පොරොන්දු වූ පරිදි ඉන්ධන නෞකා රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා මහජනතාවට කනගාටුව පළකරන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේම මීළඟ ඉන්ධන නෞකාව එන දිනයක් නිශ්චිතව කිව නොහැකි බැවින් තවදුරටත් ඉන්ධන පෝලිම්වලට එක්වීමෙන් වළකින ලෙස තමා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කංචන විජේසේකර ඇමැතිවරයා කීවේය.

මීළඟ ඉන්ධන නැව එනතෙක් පෝලිම්වල ඉන්න කියා කීමට නොහැකි බවත්, මේ නිසා දැනට පෝලිම්වල සිටින අයට යුද හමුදාව මගින් දුරකථන අංකයක් ලබාගෙන ටෝකන් එකක් දී පිටත්කර යවන බවත් ඇමැතිවරයා කීවේය.

නැවත ඉන්ධන ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරගෙන යන බව ද පෙර ගෙවීමක් හෝ සිදුකර ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට පෙර ගෙවීමක් නොමැතිව ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට කිසිම සමාගමක් කැමැත්තක් නොදක්වන බව ද මේ නිසා තමා ඉන්ධන ඇණවුම් පිළිබඳ දින වකවානු සඳහන් නොකරන බව ද ඇමැතිවරයා කීවේය.

රටේ තියෙන මූල්‍ය වාතාවරණය අනුව අපට දිගින් දිගටම මේ ප්‍රශ්නයට මුහුණදීමට සිදුවනු ඇති බවත් එසේම රටේ ඉන්ධන පරිභෝජනය සියයට 40කින් පමණ අඩුකිරීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ නිසා ඉන්ධන සඳහා දරන මාසික වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ට අඩුකර ගත යුතුයි. මේ හමුවේ ඉදිරියේදී පොදු ප්‍රවාහනයට, කර්මාන්තවලට සහ අත්‍යවශ්‍ය විශේෂ සේවාවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්ධන සැපයීමට සිදුවන බව ද ඔහු කීවේය.

ඉතාමත් කඩිනමින් බොරතෙල් නෞකාවක් ලබා ගන්න කටයුතු කරන අතර එය ජූලි 03 හෝ 04 විය හැකි බව ද එතෙක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කළ නොහැකි නිසා මේ මොහොතේදී භූමිතෙල් සැපයීමට හැකියාවක් නොමැති බව ද ඇමැතිවරයා කීවේය.

ඉන්ධන නිෂ්පාදනය කරන සමාගම්වලට මෙරට ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබාදීම සඳහා තමා අද (27) ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එහිදී එම සමාගම් ණය පදනමක් මත මෙරටට අලෙවිය සඳහා ඉන්ධන ගෙන්වා ගැනීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.

මේ මොහොතේ තෙල් සැපයුම සීමා කර ඇති නිසා ඉදිරි දිනවල සෑම පිරවුම්හලකටම ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති අතර ඉදිරි ඉන්ධන නෞකා පැමිණෙන තෙක් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සිදුවන බව ද ඇමැතිවරයා කීවේය.

ඉදිරියේදී සති දෙකකට වතාවක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට අපේක්‍ෂා කරනවා. ඉන්ධන මිල සංශෝධනය කරන සූත්‍රය ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී භූමිතෙල් මිලත් සංශෝධනය කරන බව ද ඊයේ භූමිතෙල් මිල වැඩි නොකළේ මේ වෙලාවේ භූමිතෙල් සැපයීමට නොහැකි නිසා බව ද ඉදිරියේදී සෑම ග්‍රාම සේවා වසමකම

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment