නැවට සිංගප්පූරුවේ නඩු දාන්නේ මෙරට අධිකරණය විශ්වාස නැද්ද?

115

කේ. පී. එස්. කුමාරසිරි ප්‍රශ්න කරයි

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ විනාශයට වන්දි ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ නඩු පවරන්නේ මෙරට අධිකරණය ගැන විශ්වාසයක් නැති නිසාදැයි රජයෙන් ප්‍රශ්න කරන බව මහජන ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි මහතා ඊයේ (26දා) පැවැසීය.

මෙම නැවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කළා නම් අයි.එම්.එෆ් මුදලට වඩා විශාල මුදලක් ලබාගත හැකිව තිබූ බවත් එය වැළැක්වීමට කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කටයුතු කර ඇති බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සිදුකරන ප්‍රකාශවලින් සැක හිතෙන බවත් මහජන ජනතා සභාව කාර්යාලයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

චාමර ගුණසේකර නමැත්තෙකුගේ ගිණුමට ඩොලර් මිලියන 250 ක් ලබාදී ඇති බවට ප්‍රකාශ කෙරෙන බවත්, එම චාමර ගුණසේකර නමැත්තා කවුරුන්ද යන්න ඇමැතිවරයා ප්‍රකාශ කළයුතු බවත් කුමාරසිරි මහතා කීය.

ඇතැමුන් හෙලිකොප්ටරය තියෙනවද යන්න ප්‍රශ්න කරන බවත් මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු හෙලිකොප්ටරය ඉදිරියට එන බවත් ඒ මහතා කීය. පොහොට්ටුවේ ඇතැම් අය කියන ප්‍රකාශ අනුව පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පෙනී යන බවත් කුමාරසිරි මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment