නැව් ආවත් ගොඩබාන්න ඩොලර් නෑ… ඩීසල් පෙට්‍රල් හිඟයක් අත ළඟ

374

සංස්ථාව අනතුරු අඟවයි

ඉදිරි දින කිහිපයේ රට තුළ ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් තොග සීමිතව පවතින බවත් තිබෙන ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට සැලසුම් කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය. දැනට මෙරටට බොරතෙල් මෙටි්‍රක් ටොන් 70,000ක් පමණ අඩංගු නැවක්, පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500ක් අඩංගු නැවක් සහ කළුතෙල් මෙටි්‍රක් ටොන් 26,000ක් පමණ අඩංගු නැවක් පැමිණ ඇතත් එම නැව්වල ඉන්ධන ගොඩබෑම සඳහා ඩොලර් නොමැති බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉන්දියානු ණය ආධාර යටතේ මැයි 15 වැනිදා සහ 17 වැනිදා ඩීසල් නැව් දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඩීසල් සහ දැවිතෙල් නොමැති වීම නිසා විදුලිය නිෂ්පාදනයට ද ඒවා ලබාදීමේ හැකියාවක් නොමැති බවත් එම නිසා විදුලි කප්පාදුව වැඩිවීමට හේතු විය හැකි බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment