නැව් මුදාගත්තත් ඉරිදා තෙක් ඩීසල් නෑ

279

වරායේ ඩීසල් නෞකා නිදහස් කරගත්ත ද ලබන ඉරිදා (03 වැනිදා) තෙක් ඞීසල් නොමැති වනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඊයේ (31වැනිදා) වනවිට රට පුරාම ඉන්ධන හල්වල ඩීසල් අවසන්ව තිබිණි.

නෞකා නිදහස් කර ගත්තත් ඒවා මුතුරාජවෙල හෝ කොළොන්නාවේ ගබඩාවලට යවා පැය කිහිපයක් ටැංකිවල තබා බවුසර් මගින් රටපුරා බෙදාහැරීමට දින දෙකකට වඩා කාලයක් ගතවන බවද හෙතෙම පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment