නැව් වලින් එන සංචාරකයෝ වැඩි වෙති

318

වසර දෙකහමාරකට පසුව නෞකා මගින්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවී ඇත.ඒ අනුව ඉදිරි මාස දෙක තුළ සංචාරකයින් රැගත් නෞකා 08ක් හා ලබන වසරේ අප්‍රේල් මස දක්වා මගී නෞකා 10 ක් කොළඹ ත්‍රිකුණාමල වරායයන් වෙත පැමිණීමට නියමිත බවත් ඉන්දියාවේ සිට සංචාරකයින් 2800 ක් හා කාර්ය මණ්ඩලය 500ක් රැගත් නෞකාවක් සහ ඕමානයේ සිට මගින් 3500ක් හා කාර්ය මණ්ඩලය රැගත් නෞකාවක් මෙම මස පැමිණිමට නියමිත බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මෙම වැඩිවන සංචාරකයින්ගේ රේගු හා ආගමන විගමන සේවා සැපයීම සඳහා වරාය හා ගුවන්තොටුපොළ තුළ වැඩි කවුලු ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටත්, බදු රහිත වෙළෙද සැල්වල සේවා වැඩිකිරීමටත් අනෙකුත් සනිපාරක්ෂක පහසුකම් වැඩිකිරීමටත් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ වන විට යුරෝපයේ සිට නව ගුවන් සේවා 05 ක් මෙරටට සංචාරකයින් රැගෙන ඒම සඳහා එකඟතාව පල කර ඇති බව පවසන අමාත්‍යවරයා, එම ගුවන්සේවා අතර, එරෝ ෆ්ලෝට්, එයාර් ප්‍රාන්ස්, අසූර් එයා ලයින්, යන ගුවන්සේවා සතියට දෙවරක් ලංකාවට පියාසර කරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment