නැවෙන් බැටකෑ ධීවරයෝ උසාවි යති… ලක්ෂ 5 බැගින් වන්දි ඉල්ලයි

142

 පසුගිය මස 20 වැනිදා ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ ධීවර ජනතාවට රුපියල් ලක්ෂ පහ බැගින් වන්දි ගෙවන ලෙසට බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානයේ නිර්මාතෘ සරත් ඉද්දමල්ගොඩ පියතුමා හා ධීවරයන් දෙදෙනෙක් ඊයේ (23 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
 
 බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හා වගකීම් පැහැර හැරීම නිසා එම ගිනි ගැනීම සිදුවී ඇති බවත් එමගින් ධීවර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් නියෝගයක් කරන්නැයි ද නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිබේ.
 
 බහලූම් 1486 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ එම නෞකාව තුළ නයිටි‍්‍රක් ඇසිඞ්, කෝස්ටික් සෝඩා, එතනෝල් ඇතුළු අති ප‍්‍රබල රසායනික ද්‍රව්‍ය අඩංගු බහලූම් ඇති බව මෙන්ම එකී බහලූමකින් රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් ඇති බව දැනුවත්ව සිටියදීත් වරාය බලධාරීන් එයට ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළත්වීමට අවසර දී ඇති බවත් සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ඩබ්ලිව්. ගාමිණී ප‍්‍රනාන්දු හා ක‍්‍රිස්ටෝපර් සරත් ප‍්‍රනාන්දු යන පෙත්සම්කරුවන් අධිකරණයට දන්වා තිබිණි. බලධාරීන්ගේ නොසැලකිල්ල හා වගකීම් විරහිත ක‍්‍රියාදාමයන් නිසා පානදුර සිට මීගමුව දක්වා වූ ප‍්‍රදේශවල පදිංචි ධීවර පවුල් 7753 ක් හා ආශ‍්‍රිත රැුකියාවල නියුතු ලක්ෂ 27 ක පමණ පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්වී ඇතැයි ද එම පෙත්සමේ දක්වා ඇත. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, එම අමාත්‍යංශවල ලේකම්වරුන් හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනකු නම්කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment