නැවේ කාර්ය මණ්ඩලය සිටියදීම නීතිමය පියවර ගත්තා නම් හරි!

122
  • ගිලෙන නැව් ගොඩගන්නා සමාගම කියයි

2021 දී එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ නැවේ කාර්ය මණ්ඩලය සිටියදීම නීතිමය පියවර ගත්තා නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබුණා යැයි මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

කොළඹ වරායට නුදුරින් ගිනිගෙන විනාශවූ නෞකාවෙන් වන්දි ලබා ගැනීමට මේ වනවිටත් විශාල ප්‍රමාදයක් සිදුව තිබෙන බව ද ඒ මහතා කීය.

මෙරට මුහුදු සීමාව තුළ ත්‍රස්තවාදී සමයේ සිට ගිලීගිය නැව් ගොඩගැනීම් සිදුකළ එකම සමාගම තම සමාගම බවත්, එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිට සිදුකළ යුතු නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තම සමාගම උපදෙස් දීමට ඉදිරිපත් වුවත් එවක සිටි බලධාරීන් එම උපදෙස් ගැනීමෙන් වැළකී සිටි බවත් ඒ මහතා කීය.

2021 වසරේ නැව ගිනිගත් අවස්ථාවේම නැවේ කාර්ය මණ්ඩලය සිටියදීම නීතිමය කටයුතු කිරීමට අවස්ථාව තිබූ බවත් ඒ මහතා කීය. ගිලී ගිය නැව වසර දෙක තුළම රක්ෂණය කර තිබේද ඇතුළු ගැටළු රැසක් පවතින බවත් එම ගැටලු ගැන නිසි අවධානයකින් තොරව නඩු පැවරීමට යෑම තුළින් තවත් මූල්‍යමය නාස්තියක් සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment