නැෂනල් සුපර් ලීග් සිව්දින තරගයට ඇඳිරිනීතියෙන් බාධා

70

නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙකේ සිව්වැනි සහ අවසන් දිනය වූ ඊයේ දිනයේ (03 වැනිදා) තරගය නොපැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය. රට තුළ කි‍්‍රයාත්මක වූ හදිසි ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි. එ් අනුව අදාළ තරග දෙකේ සිව්වැනි දිනය අද (04 වැනිදා) කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබේ.

 පළමු අවසන් පූර්ව කරගය ලෙසින් කොළඹ සහ යාපනය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ කි‍්‍රයාත්මක තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා දිනය (02 වැනිදා* නිමාවට පත් වෙද්දී සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන යාපනය කණ්ඩායම ලකුණු 92ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යමින් කිසිවෙකුත් නොදැවී ලකුණු 25ක් ලබා සිටියේය. එ් අනුව ජයග‍්‍රහණය සඳහ ඔවුන්ට තවත් ලකුණු 67ක් පමණක් අවශ්‍ය වී තිබේ.

 දෙවැනි අවසන් පූර්ව තරගය ලෙසින් මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක මහනුවර සහ ගාල්ල අතර තරගයේදී තෙවැනි දිනය වූ පෙරේදා (02 වැනිදා* දිනය නිමාවට පත් වෙද්දී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ගාල්ල කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය. එ් මහනුවර කණ්ඩායම පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 458ට පිළිතුරු වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment