නැෂනල් සුපර් ලීග්  සිව්දින කි‍්‍රකට් තරගාවලිය: පළමු දිනයේදී වැඩි වාසි මහනුවරට

176

නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය වූ ඊයේ (07 වැනිදා) දිනය නිමා වනවිටදී තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වී සිටියේය. ඒ අනුව ඊයේ දිනය නිමාවන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන මහනුවර කණ්ඩායම කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 288ක් ලබා සිටියේය.

තීරණාත්මක අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ මහනුවර නායකයා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කිරීමට තීරණය කළේය. ඒ අනුව ජාත්‍යන්තර ගාල්ල තණතීරුවේ ඉනිම ආරම්භ කළ මහනුවර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සම්බන්ධතාවක් එක් කිරීමට කමිල් මිෂාර සහ කසුන් විදුර සමත්විය. කමිල් මිෂාර ලකුණු 56ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

කසුන් විදුර ලකුණු 71ක් ලබා ගනිමින් පිටියේ ස්ථාවර ඉනිමක් ගොඩනගමින් සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

දිනය අවසන් වනවන විටදී නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 91ක් ලබා ගනිමින් ශතකයට තවත් ලකුණු 9ක් පිටු පසින් සිටි අතර අනෙක් අන්තයෙන් නායක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේය.

ලකුණු සාරාංශය

මහනුවර පළමු ඉනිම පන්දුවාර 83.1කදී කඩුලූ 2ක් දැවී ලකුණු 288යි (කමිඳු මෙන්ඩිස් (නොදැවී) 57, ඕෂධ ප‍්‍රනාන්දු (නොදැවී) 91, කමිල් මිෂාර 56, කසුන් විදුර 71, ධනංජය ද සිල්වා 70/2)

advertistmentadvertistment
advertistmentadvertistment