නෑ, ඒක ඩීල් එකක් නෙවෙයි – රංජිත් සියඹලාපිටිය

174

සුගිය සතියේ පාර්ලිමේන්තුව උණුසුම් වූයේ හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය තනතුරෙන් ඉවත් වී නැවතත් තනතුරට පත් වී තනතුරෙන් ඉවත් වීමයි. මේ සම්බන්ධයෙන් ඔහු සමග කළ මුහුණට මුහුණ සාකච්ඡාවකි..

ඔබ තනතුරෙන් දෙවරක් ඉවත් වුණා මේක දේශපාලන ඩීල් එකක් ද?

ඇත්තම කිව්වොත් පළමුවරට ඉවත් වීමට හේතු වුණේ අප්‍රේල් මාසයේ මුල් දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවත්වන ලද සාකච්ඡාවකදී ප්‍රබල තීරණයක් ගනු ලැබුවා ජනතාව මුහුණ දී තිබෙන බරපතළ ගැටලු හමුවේ ඒ පිළිබඳව ලිඛිතව හා වාචිකව රජය දැනුවත් කළත් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් නොමැති නිසා ඒසඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුව තුළ දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි යෝජනා වූ අතර විශේෂයෙන් සඳහන් වූයේ අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුර දරන අය ඉන් ඉවත් වුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පත්වන මා දැරූ නියෝජ්‍ය කථානායක තනතුර සහ අංගජන් රාමනාදන් දැරූ නියෝජ්‍ය කාරක සභාපති ධූරයන් ස්වාධීන තනතුරු බැවින් ඒවායින් ඉවත් නොවිය යුතු බවයි,

කෙසේ නමුත් තවදුරටත් සිතා බැලූ මා එම තනතුර සඳහා යෝජනා ස්ථිර කළේ ආණ්ඩු පක්ෂයෙන් බැවින් තව දුරටත් හිතට එකඟව එම තනතුරු දැරිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව වෙනුවෙන් තනතුරු අතහැරීමට ගත්තා වූ තීරණය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ය. එම නිසා ඊට පසුදා මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළ මම ජනාධිපතිතුමාට මාගේ ඉල්ලා අස්වීම ලිඛිතව යවනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) වගන්තිය අනුව ජනාධිපතිතුමා එය පිළිගත් බවට කථානායකවරයාට දැන්වීම තුළින් මාගේ තණතුර අහෝසි වීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් සිදුවූයේ වෙනස් තත්ත්වයකි. එදින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අතර එතුමාගේ ප්‍රබල ඉල්ලීම වූයේ මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය රැක ගැනීම සඳහා ස්වාධීන තනතුරක් වූ මෙම තනතුර අත්නොහරින ලෙසයි. අප පක්ෂයේ මතය වූයේ ද මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම උදෙසා එම ඉල්ලීම පිළිගත යුතු බවයි.එම කරුණු සියල්ල සලකා බැලූ මා පසු දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම තත්ත්වය සලකා බලා අප්‍රේල් මාසය තුළ පමණක් මා නියෝජ්‍ය කථානායක ධූරයේ රැඳී සිටින බවත් එමෙන්ම මා ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට යැවූ දිනයේ සිට තනතුරට හිමි කිසිදු වරප්‍රසාදයක් භුක්ති නොවිඳින බවත් එසේ භුක්ති විඳ තිබුණහොත් ඒවා මාගෙන් අයකර ගන්නා ලෙසත් සඳහන් කළ අතර අප්‍රේල් අවසානයේ මාගේ ඉල්ලා අස්වීම සිහිපත් කර ජනාධිපතිතුමාට නැවතත් ලිපියක් යැවූ අතර එතුමා එය නීත්‍යානුකූලව පිළිගෙන තිබිණි.

● ඉල්ලා අස් වෙච්ච සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කථානායක තනතුරට මා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් පසු අප පක්ෂය තුළින් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් වෙන්වී එකට ගොනු වී සිටි විපක්ෂයේ එකමුතුව තුළින්ද ඉදිරිපත්වූ සුවිශේෂී අදහසක් වූයේ දෙවෙනි වතාවෙ මගේ නම විපක්ෂය තුළින් යෝජනා කොට ස්ථිර කිරීමට සූදානම් බවත්, එසේ වුවහොත් විපක්ෂයේ ශක්තිය රජයට මෙන්ම රටට පෙන්වා අප තනතුරුවලින් ඉවත් වීමෙන් ලබාදුන් දුක් විඳින ජනතාවගේ හඬ පිළිබඳ පණිවුඩයක් දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි බවයි. ඒ අවස්ථාවේදී එය ඉතාමත් ජනතාවාදී යෝජනාවක් වූ බැවින් එයට මා එකඟ වීම වරදක් නොවන බව මම සිතුවෙමි. ඒ පිළිබඳව පක්ෂයේ මෙන්ම අනෙකුත් කණ්ඩායම් අතර විටින් විට සාකච්ඡා වූ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමඟ ද අප ප්‍රධානීන් පැහැදිලි එකඟතාවයකට පැමිණි තිබුණු බව දෙවැනිවර තෝරාගැනීමට පෙර දින පැවති අප කණ්ඩායම් රැස්වීමේදී දැනුවත් කරන ලදී.දෙවැනිවර තෝරාගත් මැයි මස පස්වන දින පෙරවරු 9.00 අපි කණ්ඩායම රැස්වූ අතර ඒ වන විට මගේ නම නිමල් සිරිපාල සිල්වා මැතිතුමා විසින් යෝජනා කිරීමටත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය විසින් ස්ථිර කිරීමටත් තිබූ එකඟතාවය තවදුරටත් තහවුරු වූ අතර ඒ අනුව උදේ 10.00 පාර්ලිමේන්තු සභාව ඇරඹීමත් සමඟ තත්ත්වයේ වෙනසක් තිබුණේ නැත, කෙසේ නමුත් මාගේ නම නියෝජ්‍ය කථානායක තනතුර සඳහා යෝජනා වූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මට සහාය දීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීමත් සමඟ සමගි ජන බලවේගය ඉමිතියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කරන ලදී. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පරිදි ඡන්දයකට යොමුවී මා තෝරා පත්කර ගන්නා ලදී.

● ඔබ ඔය තරම් රටට ආදරේ නම් නම යෝජනා කරපු වෙලාවෙම ඉවත් වෙන්න තිබුණාපක්ෂ කීපයක ඒකමතික සාකච්ඡාවකින් යෝජනා ස්ථිරත්වයෙන් නම් වූ මා හට එම අවස්ථාවේ ඉල්ලා අස්වීමට නම් ඔවුන්ගේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. එසේ ඉල්ලා අස් වූයේ නම් ස්ථාවර නියෝග අනුව වෙනත් අයෙකු නම් කිරීමට ද අවස්ථාවක් නොලැබෙන බැවින් සජබය නම් කළ අපේක්ෂකයා නිතරඟයෙන් පත්වීම තුළ විශාල අපවාදයකට සහ මා නම් කළ පක්ෂ දැඩි අපහසුතාවයකට ලක්වීමට ඉඩ තිබුණා. එසේ වුවත් මා තේරී පත්වීමෙන් අනතුරුව මා විසින් පාර්ලිමේන්තුවට ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරමින් බලාපොරොත්තු නොවූ විකෘති ප්‍රතිඵලයකට මුහුණ දුන් බවත් එය කිසිසේත්ම ජනතා සටනට සහයෝගයක් ලෙස අප ගත් පියවර බාල්දු කිරීමට නොවන බව පෙන්වා දුන්නා…ඔබ මෙය සාධාරණීයකරණය කරන්න මොන කතා කිව්වත් එදා දවසේ පාර්ලිමේන්තුවේ ලොකු වියදමක් සිද්ධ වුණා. එයට ඔබ වගකිව යුතුයි.පළමුවෙන්ම පැහැදිලි කරන්න ඕන කාරණය තමයි පාර්ලිමේන්තුව යනු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආකාරයෙන් ක්‍රියාත්මක වන යෙදවුම් හා නිමැවුම්වලින් මැනිය හැකි ස්ථානයක් නොවන බවයි. ජනතාව විසින් පත් කරන ලද ජනතා නියෝජිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මතය ජනතාව වෙනුවෙන් බහුතර කැමැත්තෙන් සම්මත කර ගැනීම එහි ප්‍රමුඛතම කාර්ය භාරයයි. අප එදින උත්සාහ කළේ නව නියෝජ්‍ය කථානායක තනතුර හරහා මහා පොදු සාධකය බවට පත්කර පාරවල්වල දුක්විඳින ජනතාවගේ විරෝධය පාර්ලිමේන්තුව තුළ ද ශක්තිමත්ව නියෝජනය වන බව විපක්ෂයේ අයෙකු තනතුර සඳහා පත් වීම තුළින් ආණ්ඩුවට පෙන්වා දීමයි..එය සම්මත වූ අවස්ථාව මුදලින් මිනිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධිස්ථානයක් ලෙස ගෙන ඒමට දැරූ උත්සාහයක් ලෙස මෙය මා පැහැදිලිව පෙන්වා සිටිමි. නමුත් ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ උපක්‍රමශීලී භාවය සහ විපක්ෂයේ අතර ඇතිවූ අන්‍යොන්‍ය අවබෝධයක් නොමැති වීමෙන් ඇති වූ විකෘති ප්‍රතිඵලය වියදමක් යැයි සිතා “ඔහේ කමක් නැහැ යැයි” සැහැල්ලුවෙන් දරාගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පිළිගනූ ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment