නෑමට ගිය කතගේ මාළය කඩාගෙන යෝධ ඇළට වැටෙන්න පයින් ගහලා

701

අනුරාධපුර – පාදෙණිය ප‍්‍රධාන මාර්ගයේ ශ‍්‍රාවස්තිපුර සුදු පාළම අසල පැරණි යෝධ ඇළේ දිය නෑමට  ගොස් සිටි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියකගේ පවුම් දෙකක් බරැුති රුපියල් දෙලක්ෂ හතළිස් හය දහසක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කඩා ගෙන පසුව යෝධ ඇළ බැම්මෙන් පහළට ඇද වැටෙන සේ ඇයට පා පහරක් දී පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ශ‍්‍රාවස්තිපුර ආතර් ද සිල්වා ක‍්‍රීඩාංගණය අසල පදිංචිකාරියක වන ඇය තිස් හය හැවිරිදි වියෙහි පසුවන්නෙකි.

ඇය පෙරේදා (19 දා) සවස 2.00ට පමණ තනිවම දිය නා අවසන් කළ අවස්ථාවේ නාඳුනන පුද්ගලයකු මුහුණ, කට සේදීමේ මුවාවෙන් ඇය දිය නෑ මංකඩ වෙත පැමිණ ඇත.

එම අවස්ථාවේ ඔහු මුහුණ, කට සෝදා ආපසු යන අතරතුර ඇගේ ගෙල බැඳි රන්මාලය කඩා ගෙන පසුව ඇයට බිම ඇද වැටෙන සේ පා පහරක් එල්ල කර පලා ගොස් ඇත.

එම අවස්ථාවේ ඇය නැවත ඇළට ඇදවැටී ඇත. ඒ හේතුවෙන් ඇගේ පාදයක දණ හිසෙහි සිරීම් තුවාල සිදු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු
 

advertistmentadvertistment
advertistmentadvertistment