නිකවැරටිය නිවසක කුස්සියක් ගිනි ගනී.. ගෑස් කාන්දුවක්දැයි සැක කරයි

258

නිකවැරටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන් ගෙයක අද උදෑසන ගින්නක් හටගෙන තිබේ. වැසියන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් මුළුතැන්ගෙට දැඩිව හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිවැසියන් පවසන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බවට සැක කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment