නිකවැරටිය රෝහලේදී බිහිකළ දරුවාගේ පිරිමි ගැහැනු මාරුවීම ගැන දෙමාපියන්ට සැකයක්

380

මෘත ශරීරාගාරයේ තිබූ දරුවාගේ මළ සිරුර සමීපයට යෑමට සැමියාට ඉඩ දී නෑ

ඇඳ ඉහපත ‘පිරිමි’ වශයෙන් නිවැරදි විය යුතුයි… වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප‍්‍රමිල

පසුගිය 03 දින නිකවැරටිය මූලික රෝහලේ දී තමන් බිහිකළ බිළිදා පිරිමි දරුවෙකු බවත්, දරුවා උපතේදීම මියගිය බව තමන්ට දැනුම් දුන් බවත් මළ උපත් සහතිකයේ සඳහන්වී ඇත්තේ ගැහැණු දරුවකුවීම තමන්ට ගැටලූවක් බව දරුවා ප‍්‍රසූත කළ පාදෙනිය දිවුළකැලේ පදිංචි නිමේෂිකා කුමාරි නමැති මව පැවසුවාය.

දරුවා ප‍්‍රසූත කිරීමට දින දී තිබුනේ සැත්තැම්බර් 08 වැනිදා බවත් 06 දින රෝහලට ඇතුළත් වෙන ලෙසත් රෝහලින් දැනුවත් කළ බවද 02 දින තමන්ට අසනීපවුන නිසා එදිනම රෝහලට ඇතුළත්වූ බවත් පසු දින (03 දා* අළුයම දරුවා බිහිකළ බවද ඇය පැවසුවාය.

එහිදී දරුවා මියගොස් සිටින බව හෙදියක් පවසා තමන්ට දරුවා පෙන්වූ මොහෝතේ තමන් දුටුවේ පිරිමි දරුවෙකු බවත් ඇය පැවසුවාය. දරුවාගේ පියා මෘත ශරීරාගාරයේ දී මියගිය දරුවා දුටුවත් දරුවා සමීපයට යෑමට අවසර ලැබුනේ නැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. රෝහලේ ඇඳඉහපත් වාර්තාවේ සඳහන් වී ඇත්තේ පිරිමි යනුවෙන් වුවත් මළ උපත් වාර්තාවේ සඳහන්වී තිබුනේ ගැහැනු යනුවෙන් බවද දරුවා බිහිකළ මව සහ ඇගේ සැමියා පැවසීය. මෙම සිදුවීම මත දෙමාපියන්ට සාධාරණ සැකයක් තිබෙන බවත් මේ සඳහා තමන්ට සාධාරණයක් ඉටුකරදෙනමෙන් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති. මෙම සිදුවීම සම්බන්ධයෙන් නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප‍්‍රමිල අධිකාරි මහතා පැවසුවේ, පසුගිය 03 දින මව බිහිකළ දරුවා ඇගේ

කුස තුළදීම මියගොස් සිටි බවට වාර්තාවී තිබෙන බවත් නිවැරැුදිවම පිරිමි දරුවෙකු ප‍්‍රසූතකළ බවත් ‘ගැහැනු – පිරිමි’ වශයෙන් නිවැරදි වියයුතු බවයි. මේ දරු ප‍්‍රසූතියේදී සැකකටයුතු කිසිවක් සිදුනොවුන බවට තමන් විශ්වාස කරන බවත් මාධ්‍ය තුළින් සමාජ ගතවුයේ වැරදි ප‍්‍රවෘතියක් බව තමන් වගකීමෙන් කියා සිටින බවද රෝහල් අධිකාරි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment