නිට්ටඹුවේ තෙල් පෝලිමේ ගැටුම මිනීමැරුමකින් නිම වෙයි – ඝාතකයා රිමාන්ඩ්

947

* පෝලිම පැන්නාට දොස් කී යතුරුපැදිකරුට ත‍්‍රිරෝද රියැදුරු පිහියෙන් ඇන මරයි

නිට්ටඹුව හොරගොල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත‍්‍රිරෝද රථ රියදුරකු එහි සිටි යතුරුපැදිකරුවකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇත. පෙරේදා (20 දා* රාත‍්‍රී 8.00 ට පමණ වූ මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 28 හැවිරිදි තුවාන් මිල්ෂාන් තාජුඞීන් නමැති අවිවාහකයෙකි.

නිට්ටඹුවේ තෙල් පෝලිමේ ගැටුම මිනීමැරුමකින් නිම වෙයි - ඝාතකයා රිමාන්ඩ්

මෙම ඝාතනයෙන් පසු පලායෑමට උත්සාහ කළ ත‍්‍රිරෝද රථ රියදුරු නිට්ටඹුව පොලිසිය මගින් ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර බිම ඇදවැටී මරුමුවට පත් වී තිබිණි.

ඉන්ධන පිරවුම්හල්වල ඇති වූ ආරවුල් දුරදිග යෑමෙන් පසු ප‍්‍රදේශ ගණනාවකදී ගැටුම් ඇති වූ අතර එම ආරවුල්වලදී සිදු වූ මුල්ම මිනිස් ඝාතනය මෙය විය.

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ ඇති වූ මෙම ආරවුලට හේතුව ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ යෑමේදී යතුරුපැදිකරු අභිබවා ත‍්‍රිරෝදකරු ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ආරවුලක් දුරදිග යෑම බව අනාවරණය වේ.

ඉන්ධන පෝලිමට පිටතින් පැමිණි ති‍්‍රරෝද රථ රියදුරු ඉන්ධන ලබා ගැනීමේදී පෝලිමේ සිටි යතුරුපැදිකරු සම`ග බහින්බස් වීමක් සිදුවී ඇත. පසුව ත‍්‍රිරෝද රථ රියදුරු යතුරුපැදිකරුට පෙර ඉන්ධන ලබාගෙන ඉන්ධන පිරවුම් හලෙන් පිටතට පැමිණ ඒ අසල නතර වී සිට යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන ඉන්ධන පිරවුම් හලෙන් පිටතට පැමිණෙනවාත් සම`ග ඔහුගේ පපුවෙහි වම් පස ප‍්‍රදේශයට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. පිහි ඇණුමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගය අසල මෙම පිහි ඇනුම සිදු වූ ස්ථානයේ මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය සහ පාවහන් යුගලය වැටී තිබෙන අයුරු දක්නට තිබිණි. සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු ඊයේ (21 ද) අලූයම නිට්ටඹුව ප‍්‍රදේශයේ දී නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව පනාවල ප‍්‍රදේශයේ පදිංචි බී. ඒ. නුවන් ප‍්‍රියදර්ශන නමැති 48 හැවිරිදි දෙදරු පියෙකි. සැකකරු ඇඳුම් බෑගයක්ද රැුගෙන පළායෑමට උත්සාහ කරද්දී පොලිසියට කොටු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම ඝාතනය සිදු වූ ඉන්ධන පිරවුම් හල අසල ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය වතුපිටිවල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත. සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව ද හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අබේරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ උ. පො. ප. මධුශංක, උ. පො. ප. නලින්, පොලිස් සැරයන්වරුන් වන (58673) විජේරත්න, (53367) සරත්, (57511) ජයතිලක, (61798) අමිත්, (62414) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (94504) පනාවල, (94462) ගුණතිලක (24967) රන්තරු, (84844) පෙරේරා, (99220) කුලරත්න, (99747) තිලකරත්න, (94051) රත්නායක (37638) සමීර යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

මියගිය තාජුඞීන්

හේමන්ත රන්දුණු සහ වේයන්ගොඩ  ඉන්දික තුෂාර, ඡුයාරූප – කමල් බෝගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment