නිදන්ගත රෝගී ළදරුවන්ගේ ආසාදිත අවදානම ඉහළ ගිහින් – මහාචාර්ය නීලිකා මලවිගේ

153

නිදන්ගත රෝගවලින් පෙළෙන ලදරුවන් සහ අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් තුළ කොවිඞ් වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩිහිටියන් හා සමානව ඉහළ ගොස් ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

ඇය මාර්ගගත ක‍්‍රමයට සාකච්ඡුාවකට එක්වෙමින් එසේ කියා සිටියාය.

වර්තමානයේ පැතිරයන ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වීමෙන් නියුමෝනියාව ඇතිවීම සහ දැඩිසත්කාර අවශ්‍යතාවයන් ඔක්සිජන් අවශ්‍ය මට්ටමට පත්වීමත් සුලභ තත්ත්වයක් වන බවද ඇය එහිදී කියා සිටියාය.

එමෙන්ම වත්මන් ජාත්‍යන්තර කොවිඞ් දත්ත අනුව ළමුන් මිලියනයකට කොවිඞ් ආසාදනය වුවහොත් 13 දෙනකු මියයන බව කේම්බි‍්‍රජ් විශ්වවිiාලයේ පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බවද මහාචාර්යවරිය කීවාය.

එසේම අවුරුදු 65 ත් 74 ත් අතර වැඩිහිටියන් මිලියනයකට කොවිඞ් ආසාදනය වුවහොත් ඉන් 22,000 ක් සහ අවුරුදු

75 ට වැඩි පුද්ගලයන් මිලියනයකින් එක්ලක්‍ෂ විසිදහසක්ද මියයා හැකි බවයි.

එමෙන්ම බටහිර රටවල්වලින් වාර්තාවන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ ගියත් ඔවුන් පාසල් පද්ධතිය විවෘතව පවත්වාගෙන යන බවද ඇය සඳහන් කළාය.

වර්තමානයේ ලොව පාසල් විවෘත කර නොමැති රටවල් 15 අතර ශී‍්‍ර ලංකාවද සිටින බවද ඇය කීවාය.

මෙරට සියලූ සිසුන්ට එන්නත් ලබාදී නිමවන තුරු ශී‍්‍ර ලංකාව තුළ පාසල් විවෘත නොකෙරෙනු ඇතැයි ද ඇය පැවසුවාය.

මාර්ගගත අධ්‍යාපනයේ ගැටලූ පිළිබඳ අවධානය යොමු කළ මහාචාර්යවරිය මෙම සියලූ කරුණු හරහා මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දිගුකාලීන විනාශකාරී බලපෑමකට ලක්විය හැකි බවද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment