නිදහසක් නැති රටක නිදහස සැමරීම විකාරයක් – අපි අද පොලිසියටත් නිදහසක් දුන්නා

101

ජ’පුර සරසවිය ඉදිරිපිට පැවැති අන්තරේ රැලියේදී මුදලිගේ කියයි

එක්දහස් පන්සීයක පොලිසියක් එවලා තියෙනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අපි අද ආවේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡාවක් කරන්නයි. ඒ නිසා අද අපි පොලිසියට නිදහස දුන්නා. අපි ජනාධිපතිවරයට කියනවා දැන්ම තොලොන්චි වෙලා යන්න කියලා. නැත්නම් රනිල් වික්‍රමසිංහ එලවා දැමීම සඳහා තියෙන එකම ක්‍රියාමාර්ගය අරගලය කියලා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙරේදා (04 දා) පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලය ඉදිරිපිට පෙරේදා (04 දා) සංවිධානය කර තිබූ විරෝධතාවයේදී ඔහු එසේ ජනතාව අමතමින් පැවැසීය.

අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවය සඳහා

පාගමනක් සංවිධානය කර තිබූ අතර, එය දෙදහසකට ආසන්න පොලිස් බලඇනියක් විජේරාම හන්දිය ඇතුළු විශ්වවිiාලයට ප්‍රවේශ වන තවත් මාර්ග පොලිස් මාර්ග බාධාක යොදා වසා තැබීම හේතුවෙන් එය ව්‍යර්ථ විය. මේ නිසා ඔවුන් අධික වැසි මධ්‍යයේ විරෝධතා

රැලියක් විශ්වවිiාලය ඉදිරිපිට ආරම්භ කළේය. මේ සඳහා සිවිල් සංවිධාන, අරගල ක්‍රියාකාරීන්, සාමාන්‍ය ජනතාව එක්ව සිටියහ.

මෙහිදී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේද කීය.

රටේ ජනාධිපතිවරයා කියලා තමන්ම කියාගත්තු, ජනබලයක් නැති රනිල් වික්‍රමසිංහ අද පෙබරවාරි 04 වැනිදා 75 වැනි නිදහස් සමරු දිනය ගාලුමුවදොර පිටියේදී ලොකු සංදර්ශනයක් දාල පෙන්නුවා. හැබැයි ඒ නිදහස් දිනය සමරද්දී රටේම සියලු පොලිසිවල නිලධාරීන් කොළඹට ගෙනැල්ලා පෙරහුරු පවත්වද්දී වාහනයක්වත් ඒ පැත්ත පළාතට යන්න බැරි විදිහට මුරකාවල් දාගෙන රටේ ජනතාව නැතුව උන්ගේ නිදහස් දිනය සැමරුවා.

‘හැබැයි අද රටේ ජනතාව උන්ගේ නිදහස් දිනයට සම්බන්ධ වෙන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, නිදහස නැහැ කියන සාකච්ඡාව පිළබිඹු කරලා ඉවරයි. අලි – පොහොට්ටු හවුල ගාලු මුවදොර පිටියේ සංදර්ශන පවත්වද්දී, අපේ අම්මා තාත්තා එක්ක අන්තරේ අදත් මහවැස්සේ මහපොළොවේ අරගලය ක්‍රියාත්මක කරනවා. නිදහස කෝ කියන ප්‍රශ්නය මුළු මහත් සමාජයටම මතක් කරනවා.

‘අද නිදහස් දවසේ මේ භූමිය වටේට මිරිහාන පොලිසියේ මෙහෙයවීම යටතේ 1500 ක පොලිස් කණ්ඩායමක් මේ පැත්තට එවල තියෙනවා. ඒ අපේ ආරක්ෂාවට. අපි පොලිසියේ මහත්වරුන්ට වගේම මෙතැනට ඒ අයට එන්න නියෝග දීපු ටිරාන් අලස්, දේශබන්දු තෙන්නකෝන්, රනිල් වික්‍රමසිංහ කියන මේ හැමෝටම කියනවා අපි අද ආවේ උඹලාගේ බැරියර් කඩන්න නොවෙයි. අපිට ඕනෑ නම් ඔය බැරියර් කඩන විදහත්, බාධක බිඳගෙන යන විදිහත් අපි මුළු ඉතිහාසය පුරාම පෙන්නුවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි අද මෙහෙ ආවේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡාවක් කරන්නයි. ඒ නිසා අද පොලිසියට අපි නිදහස දුන්නා. ඒ නිසා මගේ ආදරණීය අම්මේ, තාත්තේ අපිට තියෙනවා ඔබත් එක්ක සාකච්ඡාවක් ගොඩනඟාගන්න.

අද 75 වැනි ඊනියා නිදහස රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා නිදහස් උත්සවය සමරද්දී, අපේ මුළු මහත් ජනතාව ඉන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක. රටේ ජනතාවට තුන්වේල කන්න විදිහක් නැතුව දුක්විඳිද්දී මේ අය නිදහස් උත්සව සමරනවා. මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාවට නිදහස තියෙනවද? වෘත්තිකයෝ මහ පාරට ඇදල දාද්දි නිදහස තියෙනවද? ගොවියා, ධීවරයා මහ පාරට ඇද වැටිලා ඉවරයි.

මීට පෙර තිබූ සෑම නිදහස් සැමරුමකදීම රටේ ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. අද තමයි රටේ ජනාධිපතිවරයා කියන රනිල් වික්‍රමසිංහට ජාතිය අමතනවා තියා වචනයක්වත් තෙපලගන්න විදියක් නැති වුණා නිදහස් උත්සවයේ. ඇයි මේ. රනිල් වික්‍රමසිංහට නිදහස් සැමරුම් උත්සවයේ ජාතිය අමතලා කියන්න තියෙන කතාව මොකක්ද? අනේ මගේ රට ගොඩක් බංකොලොත් වෙලානෙ. අපිට කවුද ණය දෙන්න එන්නේ. අපේ රටේ ජනතාවට කන්න විදිහක් නැහැ. කවුරු හරි මේ රට සමෘද්ධිමත් කරන්න ණය ටිකක් දෙන්න. රටේ ජනතාව විදිහට ඕගොල්ලෝ පටි තද කර ගන්න. මෙන්න මේ ප්‍රශ්න ටික කියන්න බැරිවුණ රනිල් වික්‍රමසිංහ අද නිදහස් උත්සවයේ ජාතිය ඇමැතුවේ නැති එක ම ඓතිහාසිකයි. ඒක කළේ මේ රටේ ජනතාව. මහජන බලය ඊට වඩා ප්‍රබලයි.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්ෂ අපි එලෙව්වා. රනිල් වික්‍රමසිංහ, දේශබන්දු තෙන්නකෝන්, හිතන් ඉන්නවානම් මේ අරගලය ඉස්සරහට යන්නෙ නැහැ කියලා ඒක හීනයක් විතරයි. රනිල් වික්‍රමසිංහට අපි කියනවා දැන්ම තොලොන්චිවෙලා පලයන් කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ එලවලා දැමීම සඳහා මේ අඛණ්ඩ අරගලය ඉදිරියට යනවා වගේම මේ රටේ ජනතාවට සාධාරණ සමාජයක්, යුක්තිගරුක සමාජයක් ඇතිකිරීම වෙනුවෙන් සටන් කරනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා,

ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාමත් එක්ක කොළඹ සම්පූර්ණයෙන්ම වටකරලා තියෙන්නේ. ඇයි බයට. ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තියට බයවෙලා. මේ ව්‍යාපාරය මේ ආකාරයෙන් මර්දනය කරලා නවත්වන්න බැහැ කියන එක තමයි මෙතැනට ඇවිල්ලා ඉන්න අධිෂ්ඨානශීලි ජනතාවගෙනුත් ශිෂ්‍යයන්ගෙනුත් පෙන්නුම් කරන්නේ.

පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට පොත් ටික ගන්න විදිහක් නැහැ. බෑග්, සපත්තු ගන්න විදිහක් නැහැ. ළමයි අන්ත අසරණ වෙලා. මේ නිදහස් උත්සවයට ලංකා විදුලි බල මණ්ඩලයෙන් බිලියන 21 ක් අරන් තියෙනවා. හැබැයි උසස් පෙළ කරන ළමයින්ට, මුන්ට කරන්ට් එක දෙන්න බැහැ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment