නිදහස් අධ්‍යාපනයේ ද්‍රෝහීන් සහ දේශපේ‍්‍රමීන් ඉදිරියේදී හෙළි වෙයි – සජිත් පේ‍්‍රමදාස

151

නිදහස් අධ්‍යාපනයට එරෙහි ද්‍රෝහීන් කවුද, නිදහස් අධ්‍යාපනය රකින දේශපේ‍්‍රමීන් කවුද කියා ඉදිරියේ දී දැකබලා ගත හැකිවනු ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට පිඹුරුපත් සකසමින් ආණ්ඩුව කොතලාවල පනත  ගෙනැවිත් ඇති බවද ඒ මහතා පැවසීය.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් සංවිධානය කරනු ලැබූ ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු’ මැයෙන් වූ විරෝධතාව ඊයේ (02දා) විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි පැවති අවස්ථාවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment