නිදහස් උත්සවයට ආරාධිතයෝ 3250 ක් : ජනපති ජාතිය අමතන්නේ නෑ

201

75 වන ජාතික නිදහස් උළෙල පෙබරවාරි 04 වැනිදා අවම පිරිවැයක් යටතේ අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.

ජාතික උත්සවය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරිය සමග සාර්ක් කලාපීය රටවල් පහක විදේශ ඇමැතිවරුන් 05 දෙනකු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් 3250දෙනකු පැමිණීමට නියමිත ය.

උත්සවය සඳහා ආරාධිතයන් පෙරවරු 7.28ට අසුන් ගැනීමට නියමිත අතර උත්සවය නැරඹීම සඳහා මහජනතාව පෙරවරු 7.15 ට පෙර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුව අබියසට පැමිණෙන ලෙස ආරාධනා කරයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මෙහි සංවිධාන කටයුතු සිදුකරයි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එම මහත්මිය සම්ප්‍රාප්තිය පෙරවරු 8.13ට ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සම්ප්‍රාප්තිය පෙරවරු 8.15ට ත් සිදුවීමට නියමිත ය.

ජාතික ගීය ගායනාය කිරීම සඳහා රත්මලාන අන්ධ විද්‍යාලය, කොළඹ 02 ආරක්‍ෂක සේවා විදුහල, කොළඹ 08 ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ 07 බෞද්ධ කාන්තා විදුහල, කොළඹ 07 මියුසියස් විදුහල, කොළඹ 04 මුස්ලිම් කාන්තා විදුහල, කොළඹ 07 රාජකීය විiාලය, කොළඹ 04 රාමනාදන් හින්දු විදුහල, කොළඹ 10 සහිරා විදුහල, වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසල, කොළඹ 07 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ 04 හින්දු විදුහල යන පාසල්වල සිසු සිසුවියෝ 105 දෙනෙක් සහභාගි වෙති. ජයමංගල ගාථා සඳහා සිසු සිසුවියෝ 25 දෙනෙක් සහභාගි වෙති.

ආචාර පෙළ පාලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් 3284ක් සහ සන්නද්ධ රථ 179ක්, නාවික හමුදාවේ 867ක් සහ සන්නද්ධ රථ 52ක්, ගුවන් හමුදාවේ 695ක් සහ සන්නද්ධ රථ 109ක්, ශ්‍රී ලංකා පොලිසියේ 336ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 220ක්, සිවිල් ආරක්‍ෂක බළකායේ 437, ජාතික ශිෂ්‍ය භට බළකායේ 546, විශ්‍රාමික නිලධාරීන්, ආබාධිත නිලධාරීන් සමග 6385ක් සහ සන්නද්ධ රථ 390ක් සහභාගි කර ගැනේ.

ජාතික දින උත්සවයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් සිදු නොකරන අතර එය 03 වැනිදා රාත්‍රි හෝ ජාතික උත්සවයෙන් පසුව සිදුකෙරුණු ඇතැයි පැවසේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment