නිදහස් උළෙලේ ජංගම වැසිකිළිවලට කෝටි 1.5 ක්!

307

75 වැනි ජාතික නිදහස් දින උත්සවයේ ජංගම වැසිකිළි සඳහා පමණක් වියදම එක්කෝටි හතළිස් දෙලක්‍ෂ පනස් අටදහස් අටසිය පනහක් (1,42,58,850.00) යැයි අල්ලස, නාස්තිය, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) පී. එස්. පී. අබේවර්ධන මහතා නිකුත් කළ ලේඛනයේ මේ බව සඳහන්ව ඇතැයි ද තුෂාර මහතා සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසි බලය සංවිධානය විසින් අමාත්‍යාංශයෙන් නිදහස් දිනයට වැය කරන මුදල සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු අනුව එම අමාත්‍යාංශය ලබාදුන් වාර්තාවේ නිදහස් සැමරුම සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් දහනම කෝටි විසිතුන් ලක්‍ෂ අසූදහසක් පමණ බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ඔහු කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment