නිදහස් දිනයට විරෝධය පෑ  මුල්ලිවයික්කාල් පෙළපාලිය ගැන පොලිස් පරීක්‍ෂණ

153

ජාතික නිදහස් දිනයට විරෝධය පළ කරමින් කළු කොඩි රැගෙන මුලතිව්, මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ පෙළපාලි ගිය පිරිසක් පිළිබඳව කොළඹ පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ මෙවැනි විරෝධතාවයක් පැවැත්වෙන බවට මුලතිව් පොලිසියට තොරතුරු ලැබී තිබුණු අතර ඒ පිළිබඳව විස්තර ද මුලතිව් පොලිසිය විසින් කොළඹට දැනුම් දී තිබුණි. විශාල පිරිසක් කළු කොඩි රැුගෙන සටන් පාඨ කියමි මුලතිව් මුල්ලිවයික්කාල් ස්මාරකය අබියසට පැමිණ එහිදී පහන් දල්වා තිබේ.

මුලතිව් පොලිසියේ නිලධාරීන් එම පිරිස් වළක්වාලීමට උත්සහ කළ ද ඔවුන් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා විරෝධතා දක්වමින් පහන් දල්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් මුලතිව් ප‍්‍රදේශයට පැමිණ තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment