නිදහස් දිනයට සමරු මුද්දරයක් සහ කාසියක්

137


75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය.

රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙය වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment