නිදහස් දිනයදා ජවහර්ලාල් නේරු මුද්දරයක්

210


මෙරට 75 වැනි ජාතික නිදහස් දිනයේදී ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ රුව ඇතුළත් මුද්දරයක් නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එය මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මෙවර නිදහස් උළෙල ඉතා ගාම්භීර ලෙස පැවැත්වීමටත් ඉදිරි වසර 25 සඳහා නව ප්‍රතිසංවිධාන සහ නව දැක්මක් යටතේ කටයුතු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් සඳහන් කරයි.නමෝ නමෝ මාතා ඉදිරි ශත වර්ෂය සඳහා යන තේමාව යටතේ මෙම නව ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.මෙවර නිදහස් උළෙල පෙබරවාරි මස 04 වැනිදා පෙරවරු 8.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොරදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment