නිදහස් දින උතුරු පළාත් සභාව බුදුදහමට පමණක් මුල් තැන දීමට විරෝධය

257

ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් උතුරු පළාත් සභාව සිංහල බෞද්ධ වත් පිළිවෙත් හා සැරසිලිවලට පමණක් මුල්තැන දීම දැඩි අසාධාරණයක් බව යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් 22දා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

සිංහ ධජ හා බෞද්ධ කොඩි යොදාගෙන උතුරු පළාත් සභා කාර්යාලය හා ඒ අවට සැරසිලි සිදු කොට තිබීමත්, ජාතික නිදහස් දිනය දා සිදු කෙරෙන ආගමික වතාවත්වලදී බෞද්ධ ආගමට පමණක් මුල්තැන දීමත් බලවත් අසාධාරණයක් බව දෙමළ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කොට තිබේ.

නිදහස් උළෙල නිමිත්තෙන් අනුරාධපුරයේ සිට යාපනයට බෞද්ධ භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් කැඳවීමට පියවර ගෙන ඇති නමුත් යාපනයේ හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන උත්සව පැවැත්වීම අනුමත කළ නොහැකි බවත් එම පිරිස ප්‍රකාශ කොට තිබේ.

මේ අඩුපාඩුව මගහරවා යාපනයේ පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙලේදී යාපනයේ සිටින අනෙක් ජනතාවගේ හා සෙසු ආගම් ලබ්ධිකයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කෙරෙන අන්දමට එම උත්සවය සංවිධානය කරන ලෙසද දෙමළ දේශපාලනඥයන් උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක් කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment