නිදහස් පාපැදි සවාරිය ඊයේ මහියංගණයට

113

75 වැනි ජාතික නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වූ නිදහස් පාපැදි සවාරිය ඊයේ (01 වැනිදා) දෙවන දිනට මැදවච්චිය නගරය සිට මහියංගනය දක්වා ගමන් ඇරඹීය.

දෙවන දිනය වූ ඊයේ ගමන් මගේ දුර ප්‍රමාණය කි.මී.164.3 කි.

රේසිං වර්ගයේ මෙම පාපැදි සවාරිය ඊයේ උදෑසන තිරප්පනේ නගරය පසු කළ අයුරු ඡායාරූපයෙන් දැක් වේ.

මෙම නිදහස් පාපැදි සවාරිය ශ්‍රී ලංකා පාපැදි සම්ලම්ලනය මෙහෙය වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරයි.
තිරප්පනේ සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment