නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට රජය පෙම් බඳියි

123

රාජ්‍යයන් කිහිපයක් සමග භාණ්ඩ හුවමාරු කර ගැනීම වෙනුවෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත.

ඒ අනුව පළමු වටයේ ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විටත් තායිලන්තය සිය කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

බංග්ලාදේශය සමග වන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යෑමට නියමිතය. මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment