නිදැල්ලේ හැසිරෙන ගවයින්ගෙන් ආරම්භ කළ තිරසාර කිරි ගොවිපළ සාර්ථකයි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

129

නැගෙනහිර පළාත තුළ ගවයින් නිදැල්ලේ හැසිරීමෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා “තිරසාර කිරි ගොවිපොළ”‍ ව්‍යාපෘතිය යටතේ රු. මිලියන පනස් දහසක් වැය කරමින් ආරම්භ කළ ආදර්ශ කිරි ගොවිපළවල නිෂ්පාදනය දෛනිකව එක්ලක්ෂ හැට හතර දහස දක්වා වර්ධනය වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. මීට වසරකට පමණ පෙර කිරි නිෂ්පාදන අගය වාර්තා වූයේ ඉහත සංඛ්‍යාවෙන් හරි අඩකි.

මෙම ආදර්ශ ගොවිපොළකට බයෝ ගෑස් පද්ධතියක්, ගව ගාලක්, කාබනික පොහොර නිෂ්පාදන ඒකකයක්, ගවයින් ගේ ආහර සඳහා තණකොළ වගා කිරීමට සුදුසු ඉඩමක් සහ වැසි ජලය ඒකරාශී කර ගැනීමට ඒකකයක් ද ඇතුලත් ය.

පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෙසු කිරි ගොවීන් මෙම නව ක්‍රමයට යොමු කිරීමට වැඩසටහන් රාශියක් දියත් කර ඇති අතර මිලියන තිස් දෙකක මුදලක් වැය කරමින් ත්‍රිකුණාමලය, උප්පුවෙලී රජයේ ගොවිපළේ ආදර්ශ බයෝගෑස් නිෂ්පාදනාගාරයක්ද ඉදිකිරීම ආරම්භ කර ඇත. තවද කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ගවයන් ගේ ජාන වැඩි දියුණු කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බව විශේෂ හමුවකදී ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

කන්තලේ – ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment