නිධන් ගොඩගන්න ගිය හිඟුරාන සීනි සමාගමේ සභාපතිට ඇප

203

නිධන් හැරීමට ගියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිඟුරාන සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇතැයි වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කැලූම් සංගීත් මහතා පැවසීය.

වීරකැටිය රත්න පාරේ නිවසක් අසලදී සැකකාර සභාපතිවරයා භූගත ද්‍රව්‍ය පරීක්‍ෂා කරන ස්කැනර් යන්ත‍්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

එම වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් 7 දෙනෙකු පලාගොස් තිබිණි. පසුව එම නිවස ආසන්නයේ නවතා තිබූ ජීප් රථයක සිටි සභාපතිවරයා හා ජීප් රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී පොළොව පරීක්‍ෂා කරන ස්කැනර් යන්ත‍්‍රයක් හා කළුගල් විදීම සඳහා භාවිත කරන යන්ත‍්‍රයක්ද තිබී හමුවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරන අයකු බව ද පොලිසිය පවසයි. මේ පිළිබඳ වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කැලූම් සංගීත් මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment