නිධන් සොයන්න මරදන්කඩවල වැවේ ගල් සොරොව්වත් කඩයි

182

වළගම්බා රජ දවසේ ඉදිකරන ලද ගල් වාන සහිත මරදන්කඩවල වැවේ පුරාණ ගල් සොරොව්ව නිධන් ගැනීමේ අරමුණෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගළවා විනාශ කර ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මේ දිනවල මරදන්කඩවල වැවේ මඩ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතරතුර මෙම ක‍්‍රියාව සිදුකර ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. මෙම ස්ථානයේ තිබී නිධානයක් ලබා ගත්තේද යන්න පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි. මේ පිළිබඳව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එල්. එම්. ගුණතිලක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ සිද්ධිය සම්බන්ධව වාර්තා වී ඇති බවත්, ස්ථාන පරීක්ෂාවකින් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා බවයි.

 කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment