නිධන් හෑරූ චීවරධාරියා ඇතුළු පිරිස රිමාන්ඩ්

235

මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍රයක් යොදා නිධන් වස්තු කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියා අද එරාවුර් මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. කරදියනාරු පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. යුද හමුදා අණදෙන නිලධාරිවරයා වැලිකන්ද රුවන්පිටිය තුන්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන අතර අනිත් හමුදා නිලධාරීන් දෙදෙනා එම කඳවුරට අනුයුක්තව සේවය කරන අය බව පොලිසිය කියයි.සැකකරුවන් ස්කෑන් යන්ත්‍රය යොදා නිදන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්, පුරාවිද්‍යා ස්ථානයක් බවට සලකුණු කරන ලද ස්ථානයක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් චීවරධාරියා රත්නපුර ප්‍රදේශ්යේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බවද පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment