නිධන් හෑරූ හතරක් කොටු වෙති

216


හම්බන්තොට එළල්ල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු හා ඒ සදහා අනුබල දුන් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිතය තුළ නිධන් හාරමින් සිටි බව කියන වීරකැටිය පදිංචි 38 හා 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු,බෙලිඅත්ත පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු හා හම්බන්තොට කුඩාඉදිවැව පදිංචි 37 හැවිරිදි පුද්ගලයන් සිව් දෙනෙකි.අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු වලට අනුව නිධානය ලබා ගැනීම සදහා මුදල් වියදම් කරමින් පහසුකම් සැපයූ බව කියන හම්බන්තොට කුඩාඉදිවැව පදිංචි 38 හැවිරිදි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment