නිධානයකින් ගොඩගත් මිල කළ නොහැකි දේව ප‍්‍රතිමා දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු

610

යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ක‍්‍රියාත්මක වූ වවුනියාව පොලීසිය නිධානයකින් ගොඩ ගන්නා ලද මිල කළ නොහැකි දේව ප‍්‍රතිමා දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු 26 දා අත්අඩංගුවට ගෙන තිබේ.
 
 වවුනියාවේ නෙලූ‍කුලම් ප‍්‍රදේශයේ නිධානයකින් ගන්නා ලද මෙම දේව ප‍්‍රතිමා දෙක අලෙවි කිරීම ස`දහා ත‍්‍රීරෝද රථයකින් රැුගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේද වවුනියාවේ නෙලූ‍කුලම් ප‍්‍රදේශයේදීය.

dewaprathima2
 
 නෙලූ‍කුලම ප‍්‍රදේශයේම පදිංචි මෙම සැකකරුවන් ප‍්‍රතිමාවල වටිනාකම නොදත් නිසා ඒ දේව ප‍්‍රතිමා දෙකම රුපියල් ලක්ෂ 75 කට අලෙවි කිරීම ස`දහා රැුගෙන යමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් වවුනියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව දෙපිරිසම මැදිහත් වී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 – දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment