නිපා වෛරස් ආසාදනයට බෙහෙත් නැහැ

484

දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති ‘නිපා’ වෛරස් ආසාදනයට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙතෙක් අනුමත කරන ලද බෙහෙතක් සොයා ගෙන නැති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

මෙම වෛරසය ආසාදනය වූවන්ට දැනට සිදු කරන ප‍්‍රතිකාර වන්නේ රෝගියාට විවේකය ලබාදීම විජලනය හා මතුවන රෝග ලක්ෂණවලට ප‍්‍රතිකාර කිරීම පමණක් බව ඔවුහු කියා සිටිති. මේ අතර මෙම ආසාදනයට ගොදුරු වීමෙන් මියගිය කේරළ ප‍්‍රාන්තයේ 12 හැවිරිදි දරුවාගේ ආශ‍්‍රිතයන් 251 දෙනකු ඊයේ (07දා* වන විට නිරෝධායනයට ලක් කර තිබූ අතර ඔවුන්ගෙන්් 11 දෙනකුට රෝග ලක්ෂණ පහළ වී තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

2018 වසරේද මෙම වෛරස් ආසාදනය කේරළ ප‍්‍රාන්තයේ වසංගතයෙන් ලෙස පැතිර ගොස් තිබිණි. වැළඳුණු විට මාරාන්තික වීමේ වැඩි හැකියාවක් ඇති මෙම වෛරස් ආසාදනයට හේතු වන වෛරසය කොරෝනා වෛරසයට වඩා වෙනස් වන අතර එය වවුලන් ඇතුළු සතුන් කිහිපදෙනකු මාර්ගයෙන් මිනිසාට වැළඳී මිනිසුන් අතර පැතිර යන වෛරසයක් බව මේ වන විට හඳුනාගෙන තිබේ.

මිනිසාට වෛරසය ආසාදනය වනුයේ ආසාදිත සත්ත්වයකුගේ කෙළ හෝ මුත‍්‍රා ස්පර්ශ වීමෙන් බවද අනාවරණය වී ඇත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment