නිපුණතා සංවර්ධනයට අලූත් සම්මත 15ක්

139

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020- 2021 වර්ෂවලදී අලූතින් සංවර්ධනය කරන ලද ජාතික නිපුණතා සම්මත 15 ක් හා ඒවාට අදාළ විෂයමාලා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය වෙත පිළිගන්වන ලදි.

එළිදැක්වූ නිපුණතා සම්මත අතර පරිසර සංවර්ධන සහයක, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ සහයක, ප‍්‍රජා සෞඛ්‍ය සහයක, ධීවර ආම්පන්න අලූත්වැඩියා කිරීමේ සහයක, වේලා සටහන්කරු, ඇඟලූම් කාර්මික, ඖෂධ නිෂ්පාදන තාක්ෂණ, මෝටර් රථ තාක්ෂණ ශිල්පී, කර්මාන්ත සබඳතා සහ කම්කරු නීති භාවිතය ආදි ක්ෂේත‍්‍ර 15 ක් නියෝජනය වන පරිදි ජාතික නිපුණතා සම්මතයන් ඉදිරිපත් කරන ලදී. මෙම ජාතික නිපුණතා සම්මතයන් හා විෂය මාලාවන් ඉදිරිපත් කිරීමේදී රැුකියා වෙළෙඳ පළෙහි ඉල්ලීම් පරිදි, යාවත්කාලින වූ විෂයමාලාවන් සහිතව, නව ලෝකයට ගැලපෙන පරිදි සකසන ලදී.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment