නිපෝන් පේන්ට් අභියෝග කුසලාන පළ`ග කොටසේ පළමු ජය නාවිකයන්ට සහ සී.ආර් ඇන්ඞ් එෆ්.සී.ට

91

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ‘‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’’ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ ‘‘පළඟ’’ අංශයේ සටන ආරම්භ කරමින් මෙම සති අන්තයේ පැවති තරග ආශ‍්‍රිතව ජයග‍්‍රහණ සටහන් කර ගැනීමට නාවික හමුදාව සහ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

සිකුරාදා (25* ගුවන් හමුදාව සහ සී.ආර්.ඇන්ඞ්.එෆ්.සී. සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක`දවුර ක‍්‍රීඩාංගණයේදී පැවැති ආරම්භක තරගයේ දී ලකුණු 14  (උත්සාහක දිනුම් 01 සහ ද`ඩුවම් පහර 03* – 10 (ගෝල් දිනුම් 01 සහ ද`ඩුවම් පහර 01* ක් ලෙස තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සී.ආර්. පිලට හැකි විය.

සී.ආර්. ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ගැමුණු චේතිය එකම උත්සාහක දිනුම වාර්තා කළ අතර දඬුවම් පහර ත‍්‍රිත්වය යසස් කවිඳු මුතුතන්ත‍්‍රි ගේ පා පහරින් පන්දුව නිවැරදි එල්ලයට යොමු විය.

ගුවන් හමුදාව වෙනුවෙන් කැපී පෙනුණු නිර්මාල් වික‍්‍රමසිංහ එකම උත්සාහක දිනුම සටහන් කළ අතර එහි ප‍්‍රවර්තනය සමගින් ද`ඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩට හැකි විය.

මෙම තරගයේ විනිසුරු ලෙස ඉසංක අබේකෝන් මහතා කටයුතු කළේය.

මෙහි දෙවැන්න සෙනසුරාදා (26 දා* වැලිසර පිහිටි නාවික ක‍්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී යුද හමුදාවට එරෙහිව ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ලකුණු 16 ක පහසු ජයග‍්‍රහණයකට නාවික හමුදාව හිමිකම් කීය.

එහිදී නාවික හමුදාව ලකුණු 22 (ගෝල් දිනුම් 02, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 01* වාර්තා කර ගන්නා අතර වාරයේ යුද හමුදාවට රැුස් කරගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 06 (දඬුවම් පහර 02* කි.

නාවික හමුදා ජයග‍්‍රහණය සනාථ කළ අධීෂ වීරතුංග 01, නිරෝෂ් පෙරේරා 01 සහ රදීෂ සෙනෙවිරත්න 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි එක් ප‍්‍රවර්තනයක් සමගින් එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කරන්නට ස්ටීවන් සන්සෝනිට හැකි විය.

යුද හමුදා ගෞරවය යම් තරමකට ආරක්ෂා කරගන්නට සමත් වෙමින් තරි`දු මධුෂාන් හෙට්ටිආරච්චි ද`ඩුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කළේය.

මෙම තරගය රවීන් ඇලෙක්සැන්ඩර් මහතා විසින් විනිශ්චය ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment