නිමල් සිරිපාලගේ අල්ලස් හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

759

හිටපු වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ජපානයේ තයිසේ සමාගමෙන් කොමිස් මුදලක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සිද්ධියක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. විශ්‍රාමික විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ‍ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් .එම් වික්‍රමසිංහ සහ විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරී එස් එම් ජි කේ පෙරේරා යන මහත්වරු පත්ව සිටිති.මෙම කමිටු වාර්තාව මෙම මස 31වැනිදාට පෙර ලබාදෙන ලෙස ද උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment