‘නිම්හිම්’ සංයමයෙන් විඳිය හැකි ආදර කතාවක් – මිචෙල් ෆොන්සේකා

406

9 දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ

ප‍්‍රවීණ කලා ශිල්පී, මිචෙල් ෆොන්සේකා තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කළ ‘නිම් හිම්’ චිත‍්‍රපටය ලබන 09 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලය ඇතුළු සිනමා ශාලාවන්හිදී තිරගත වීමට නියමිතය.

සිනමාශාලා ධාරිතාවෙන් සියයට පනහක් පමණක් පේ‍්‍රක්‍ෂකයා කැඳවීම චිත‍්‍රපට ප‍්‍රදර්ශනයට කරන බලපෑම ගැන කතා කරමින් ඔහු අප සමග කතා බහට ප‍්‍රවේශ විය..

'නිම්හිම්' සංයමයෙන් විඳිය හැකි ආදර කතාවක් - මිචෙල් ෆොන්සේකා
මිචෙල් ෆොන්සේකා

ඇත්තට ම මේ තත්ත්වය අපිට අභියෝගයක්. විශේෂයෙන්ම මේ කර්මාන්තයේ පැවැත්මට නමුත් අපි මේ අවධානම භාරගත යුතුයි. අපි චිත‍්‍රපටකරේ නැත්නම් මේ කර්මාන්තය පවතින්නේ කොහොමද? අද පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ සිනමා කර්මාන්තය විනාශ වෙලා. මේ කර්මාන්තය ගොඩනැ`ගීමේ හැකියාව පවතින්නේ පේ‍්‍රක්‍ෂකයා අතේ. ඔවුන් තමයි අපේ ශක්තිය. පේ‍්‍රක්‍ෂකයා ගැන පූර්ණ විශ්වාසය තියලා තමයි මම ‘නිම් හිම්’ තිරයට ගෙන එන්නේ.

‘නිම් හිම්’ ඔබේ අධ්‍යක්‍ෂණයට නතුවුණු දෙවැනි සිනමා නිර්මාණය මොකද හිතෙන්නෙ

‘නිම් හිම්’ ප‍්‍රදර්ශනයට සූදානම් වන්නේ මගේ පළමු සිනමාපටයට වඩා හාත්පසින්ම වෙනස් වූ වටපිටාවක. මේ චිත‍්‍රපටය මම කළේ මීට වසර 04කට ප‍්‍රථම. ‘නිම් හිම්’ ස්වත‍්‍රන්ත නිර්මාණයක් නෙවී. මෙය භාරතීය සනම් තෙරි කසම් නම් වූ චිත‍්‍රපටය අනුසාරයෙන් නිපදවූවක්. හින්දි චිත‍්‍රපටයක් මේ විදිහට කරමු කියන අදහස මට ලබා දෙන්නේ නිෂ්පාදකවරු. මේක බොහොම සංවේදී කතාන්දරයක්. චිත‍්‍රපටය නරඹපු මාත් සංවේදී වුණා. මම සිතනවා පේ‍්‍රක්‍ෂකයාටත් එය හොඳින්ම දැනෙයි කියලා. පේ‍්‍රමයේ පරිත්‍යාගශීලී බව ජාතීන් අතර බැඳීම, එකමුතුව සහ මවුපියන් දරුවන් අතර ඇති ආදරණීය බැඳීමක් විiමාන කරන මේ චිත‍්‍රපටය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි කාලෝචිත චිත‍්‍රපට කතාවක්.

'නිම්හිම්' සංයමයෙන් විඳිය හැකි ආදර කතාවක් - මිචෙල් ෆොන්සේකා

‘නිම් හිම්’ ප‍්‍රදර්ශනය ඇරඹීම අභියෝගයක් බව ඔබ සඳහන් කළා…

ඔව්. අපිට මේ වෙලාවේ ලොකු ආදායම් බලාපොරොත්තු නැහැ. මේ පවතින කොවිඞ් ව්‍යසන තත්ත්වය සහ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නිසා හැමෝම හෙම්බත්වෙලා ඉන්නේ. ඒ නිසා ‘නිම් හිම්’ ප‍්‍රදර්ශනය ලොකු ‘ටර්න් ඕවර්’ එකක් කියලා හිතන්නේ නැහැ. චිත‍්‍රපටය වෙනුවෙන් දැරූ පිරිවැය පියවා ගැනීමට ලැබුණෙත් සහනයක්. මේ චිත‍්‍රපටයේ නිෂ්පාදකවරු ලෝකය ගැන අවබෝධයෙන් තමයි මේ වැඬේට අත ගැසුවේ. ඒ නිසා විශාල ගැටලූ නැහැ. ඔවුන් කලාවට ආදරය කරන නිසා තමයි මේ සුන්දර නිර්මාණයට දායක වෙන්නේ. කොහොම වුණත් ස්වභාව ධර්මය දෙන දෙයක් අපි සතුටින් භාර ගන්නවා.

‘නිම් හිම්’ බලන්න මුළු පවුලම එන බව විශ්වාස යැයි ඔබ පැවසුවා….

මහජන රැ`ගුම් පාලක මණ්ඩලය ‘අසීමිත මහජන ප‍්‍රදර්ශනය’ වෙනුවෙන් තමයි ‘නිම් හිම්’ සඳහා අවසරය ලබා දී තිබෙන්නේ. මේ අවස්ථාවේ අපේ රටේ පේ‍්‍රක්‍ෂකයාට පවුල් පිටින් එකට සිට නැරඹිය හැකි එකම චිත‍්‍රපටයට තියෙන්නේ මේ චිත‍්‍රපටය විතරයි. ‘නිම් හිම්’ ඇතුළේ දෙපිට කැපෙන වචන අසංවර දර්ශන කිසිවක් නැහැ. මේක බොහොම සංයමයෙන් නැරඹිය හැකි ආදරණීය කතාවක්. ආදරයේ පරිත්‍යාග ශිලීත්වය, උතුම් බව මේ සිනමා සිත්තමේ අන්තර්ගතයි.

‘නිම් හිම්’ වෙනුවෙන් දායක වුණු ශිල්පීන් පිළිබඳව සඳහන් කළොත්…

මිලින්ද මඩුගල්ල, ගංගු රෝෂානා, ජනක් පේ‍්‍රමලාල්, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, නිලූෂා ප‍්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි, ගාහාන් ප‍්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, වසන්ත විට්ටච්චි, සුසංග කහඳවල, සම්පත් තෙන්නකෝන් ඇතුළු ප‍්‍රවීණ රංගන ශිල්පීන් රංගනයෙන් ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා. නිෂ්පාදනය ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ප‍්‍රින්ස් වික‍්‍රමනායක, ඉන්දික මඩවල සහ ප‍්‍රදීප් හේරත් විධායක නිෂ්පාදනය, ලලිත් බී. ප‍්‍රනාන්දු, කැමරාව ඉන්දික බමුණුආරච්චි, සංගීතය, සරත් වික‍්‍රම, ගීත ගායනා ප‍්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් සහ චිත්රූ පාඨලී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment