නිම්හිම් සනම් තේරී කසම් හි කොපියක්ද – අධ්‍යක්‍ෂ මිචෙල් උත්තර දෙයි

332

සැඩ සුළං” ධවල යාමය” වල්මත් වූවන් වැනි ටෙලිනාට්‍ය රැුසක් හා සුපිරි අන්දරේ හාස්‍යජනක චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ මිචෙල් ෆොන්සේකාගේ දෙවැනි සිනමා සිත්තම ‘නිම්හිම්.. මෙම මස 09 දා සිට එම්. පී. අයි. මණ්ඩලයේ තිරගත වීමට නියමිතය.

කොවිඞ් වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක නිම්හිම් තිරගත කිරීමට ගත් තීරණය පිළිබඳව අධ්‍යක්‍ෂකවරයා මෙලෙස අදහස් දැක්වීය.

තවමත් කොවිඞ් අවදානම අඩුවක් නැතිව තිබෙන අවස්ථාවක නිම්හිම් බලන්න පේ‍්‍රක්‍ෂකයන් එකතු වෙයිද?

නිම්හිම් නිර්මාණය වුණෙත් මීට වසර හතරකට කලින්. විවිධ හේතු නිසා තිරගත කරන්න බැරි වුණා. 2020 වගේම මේ වර්ෂයේ කොවිඞ් නිසා ෆිල්ම් එක රිලීස් කරන්න බැරි වුණා. කොවිඞ් කියලා නිර්මාණකරුවන් හැම දෙනෙක්ම පැත්තකට වුණානේ. කඩා වැටෙමින් තියන සිනමා කර්මාන්තය තවත් වැටෙනවා. නිර්මාණකරුවන් විදිහට අපි අපේ වගකීම ඉටු කළ යුතුයි. ඒ නිසා සිනමාවට ආදරේ කරන ටික දෙනෙක් හරි හිම්හිම් එක්ක එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

නිම්හිම් සනම් තේරී කසම් හි කොපියක්ද - අධ්‍යක්‍ෂ මිචෙල් උත්තර දෙයි



නිම්හිම් කියන්නේ ආදරය මත පදනම් වුණු කතාවක් ද?

ආදරය කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. නිම්හිම් කියලා කියන්නේ හැම පැත්තකින්ම ආදරය ගැන කතා කරන නිර්මාණයක්. පේ‍්‍රමවන්තයෝ ගැන වගේම දෙමාපියන් ¥ දරුවන් අතර තියෙන බැඳීම පවා මේ නිර්මාණය තුළින් විවරණය කරනවා. ඒ නිසා බාල මහලූ බේදයක් නැතිව හැමෝටම එකවගේ

රසවිඳිය හැකි නිර්මාණයක් විදිහට මම නිම්හිම් හඳුන්වලා දෙන්න කැමතියි.

කතාවේ ගලායෑම ගැනත් මතක් කරමුද?

කුල මල නොතැකූ චිත‍්‍රපටියක් ලෙස තමයි නිම්හිම් චිත‍්‍රපටය හඳුන්වලා දීලා තියෙන්නේ. ආදරයට ජාති ආගම් භේද නෑ කියන කතාව මූලික කරගෙන තමයි කතාව ගොඩන`ගලා තියෙන්නේ. දෙමළ තරුණියක් හා සිංහල තරුණයෙක් වටා තමයි මේ ආදර කතාව ගෙතිලා තියෙන්නේ. ආදරයේ පරිත්‍යාගයේ කැපකිරීම් ගැන නිම්හිම් හරහා විවරණය කරනවා.

නිම්හිම් කියන්නේ හින්දි සිනමා නිර්මාණයක අනුවර්තනයක් කියන කතාව ඇත්තක්ද?

ඔව් මේ කතාව ස්වතන්ත‍්‍ර නිර්මාණයක් නෙමෙයි. සනම් තෙරී කසම් කියන නිර්මාණයේ අනුවර්තනයක් තමයි නිම්හිම් නමින් මගේ අතින් නිර්මාණය වුණේ.

ඇයි සනම් තේරී කසම් වැනි චිත‍්‍රපටයක්ම සිංහලයට අනුවර්තනය කරන්න හිතුවේ?

සනම් තේරී කසම් කියන්නේ සංවේදී ආදර කතාවක්. ඒක ලංකාවටත් ගැළපෙන කතාවක්. මම ඒ නිර්මාණයට පුද්ගලිකවත් කැමතියි. අනෙක මගේ චිත‍්‍රපට කණ්ඩායමත් මේ චිත‍්‍රපටය තෝරා ගනිද්දී එක`ගත්වය පළ කළා. ඒ නිසා තමයි සනම් තේරී කසම් චිත‍්‍රපටයම තෝරා ගත්තේ.

නිම්හිම් රංගනයෙන් හැඩ කළ පිරිසත් මතක් කරමු

මිලින්ද මඩුගල්ල” ගං`ගු රොෂානා” ජනක් පේ‍්‍ර්මලාල්” කුමාරි මුණසිංහ” නිරෝෂා තලගල” නිලූෂා ප‍්‍රනාන්දු” ඩබ්ලිව් ජයසිරි” ගිහාන් ප‍්‍රනාන්දු” රොෂාන් පිලපිටිය” සම්පත් තෙන්නකෝන්් අනුර බණ්ඩාර” වසන්ත විට්ටච්චි සුසංග කහඳපල” සමන් ධර්මවංශ” චරින්ද්‍ර චන්ද්‍රසේන” අරුණෝද් විජේසිංහ මේ නිර්මාණයට රංගනයෙන් සහභාගී වුණා. මගේ නිර්මාණය සාර්ථක කරගන්න ප‍්‍රවීණ සහ දක්‍ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලැබුණ සහයෝගය අගය කළ යුතුයි.

නිම්හිම් සනම් තේරී කසම් හි කොපියක්ද - අධ්‍යක්‍ෂ මිචෙල් උත්තර දෙයි



මේ වගේ වෙලාවක නිම්හිම් තිරගත කරනවාට නිෂ්පාදකවරුන් අකමැති වුණේ නැද්ද?

ගයාන් ගුණවර්ධන” සමන් ධර්මවංශ” ප‍්‍රින්ස් වික‍්‍රමනායක” ඉන්දික මඩවල” ප‍්‍රදීප් හේනේ තමයි නිම්හිම් නිෂ්පාදනයට එකතු වුණේ.

ඔවුන්ගේත් එක`ගත්වය මත තමයි දෙසැම්බර් 09 වැනිදා එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමාශාලාවල නිම්හිම් තිරගත කිරීමට සූදානම් කරලා තියෙන්නේ.

නිම්හිම් හැඩකළ ගායනයන් හා සංගීතය ගැනත් මතක් කරමු නිම්හිම් චිත‍්‍රපටයේ ගීත රචනය කරන්නේ වසන්ත දුක්ගන්නාරාල.

මම දන්න විදිහට වසන්ත දුක්ගන්නාරාලගේ පළවෙනි සිනමා ගීත රචන අත්දැකීම තමයි නිම්හිම් චිත‍්‍රපටයට ගීත රචනා කිරීම. ඒ වගේම ගීත ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා සහ චිත්රූ පාඨලී. ඔවුන්ගේ ගායනයන් මගේ නිර්මාණයේ අගය තවත් වැඩි කළා. නිම්හිම් වෙනුවෙන් සංගීත කටයුතු සිදු කළේ සරත් වික‍්‍රම.

නිම්හිම් කණ්ඩායමෙන් ඔබට ලැබුණ සහයෝගය මොන වගේද?

නළු නිළියන්ගේ සිිට හැම දෙනෙක්ම මම විශාල සහයෝගයක්

ලබා දුන්නා. විධායක නිෂ්පාදක ලනින්ද්‍ර බී. ප‍්‍රනාන්දු” සංස්කරණයෙන් ඩිලාන් ගුණවර්ධන” කලා අධ්‍යක්‍ෂ සුසංග කහඳවල” අද මේ නිර්මාණය කළ ඩයනා ගමගේ. කැමරා අධ්‍යක්‍ෂ ඉන්දික බමුණුආරච්චි ඇතුළු සියලූම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේ චිත‍්‍රපටය රූගත කළේ නුවරඑළිය” කුරුණෑගල” බෙන්තර වැනි ප‍්‍රදේශවල පේ‍්‍රක්‍ෂකයන්ට මේ කතාව අලූත් අත්දැකීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් නිම්හිම් එක්ක අත්වැල්බැඳගන්න කියලා මම පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.


නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment