නිමාලිගෙත් බලාපොරොත්තු මිලින වෙයි

257

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි මලල ක‍්‍රීඩා තරග ඉසව් ආරම්භ කෙරුණු ඊයේ (30) පැවැති කාන්තා මීටර් 800 මූලික වටය සඳහා ඉදිරිපත් වුණු ශ‍්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චිට අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.
 
මිනිත්තු 2.02.58 ක් වූ පෞද්ගලික හොඳම තරග නිමි කාලයට වඩා අඩු දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය වුණු මෙම තරඟයේදී නියමිත දුර නිමා කිරීම සඳහා ඇයට මිනිත්තු 2.10.23 කාලයක් ගත විය.
 
මංතීරු අංක 02 යටතේ සිව් වන මූලික තරගයට අවතීර්ණ වූ නිමාලි ලියනාරච්චි ට මෙම ඉසව්වේ හිමිවූයේ අවසන් ස්ථානයයි.
 
ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක 04 හිමි ඇමරිකා එක්සත් ජනපදයේ රෝවේන් රොජර්ස් මිනිත්තු 2.01.42 ක කාලයක් සටහන් කර ගනිමින් මෙම ඉසව්වේ පළමු වැන්නීය වූවාය.
 
එහි දෙවැනි ස්ථානය බි‍්‍රතාන්‍ය ක‍්‍රීඩිකාවට ද තෙවන ස්ථානය කෙන්යානු ක‍්‍රීඩිකාවට ද හිමි වූ අතර සිව්වැනි ස්ථානය ඉතියෝපියානු ක‍්‍රීඩිකාවට ද 05 ස්ථානය කැනඩා ක‍්‍රීඩිකාවට ද 06 වෙනි ස්ථානය පෝලන්ත ක‍්‍රීඩිකාවට ද 07 වන ස්ථානය අයර්ලන්ත ක‍්‍රීඩිකාවට ද හිමි වෙමින් නිමාවට පත් විය.
 
කාන්තා මීටර් 800 ඉසව්ව මූලික තරග 06 කින් සැදුම්ලත් විය.
 
 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment