නිමි ඇඳුම් මිල සියයට 40 කින් ඉහළ නැගලා

477

විදුලි කප්පාදුව, ඩොලර් අර්බුදය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය නිමි ඇඳුම් මිල සියයට 40කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලූක්ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

විශේෂයෙන් මහරගම පමුණුව රෙදි වෙළෙඳපොළේ අවුරුදු සමයේ රුපියල් 200ට 300ට අලෙවි වූ ස්කර්ට්, බ්ලවුස්, ෂෝට් කලිසම්, යනාදිය රුපියල් 800ත් 1000ත් අතර මිලකට ඉහළ නැග ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ නිලූක්ෂ කුමාර මහතා මෙසේ ද කියා සිටියේය,

රෙදි මහන්න ගේන අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින්. මේක දරාගන්න බැහැ. බොත්තම් මිල ඉහළ ගිහින්. රුපියල්

600 ට ගත්ත නූල් දැන් රුපියල් 1800 ක් වෙලා. මේවායේ මිල ඉහළ ගියාම හැම නිමි ඇඳුමකම මිල ඉහළ නංවන්න වෙනවා. ඒ වගේම දිනකට පැය 8කට ආසන්න කාලයක් විදුලිය කපනවා. මේ තත්ත්වය තුළ කුඩා පරිමාණ ඇඟලූම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවකයන්ට වැටුප් ගෙවන්න වෙලා තියෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment