මෙරට බන්ධනාගාර තුළ නියමිත සංඛ්‍යාව ඉක්මවා රැඳවියන් දාහතර දහස් හයසිය නව දෙනෙකු රඳවා සිටින බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවසීය.
දැනට පවතින බන්ධනාගාරවල රැඳවිය හැකි ප්‍රමාණය එකොළොස් දහස් දෙසිය අනූවක් වන නමුත් මේ වනවිට රැඳවියන් විසිපන් දහස් අටසිය අනූනව දෙනකු රඳවා සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගත කර සිටින සංඛ්‍යාව හතළිස් හයක් බවත් ඒ අතර එක් කාන්තාවක සිටින බවත් කී ඒ මහතා බන්ධනාගාරවල ආහාරපාන ඇතුළු නඩත්තු කටයුතු වෙනුවෙන් මෙම වසරට රුපියල් කෝටි හාරදහස් නවසියයක් වෙන් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා එම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන