නියැදි පරීක්‍ෂාවට පෙර චීන පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදීලා – නවතම විගණන වාර්තාවකින් හෙළිවෙයි

121

ආන්දෝලනයට ලක්වූ චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වාගෙන  රසායනාගාර පරීක්‍ෂාවන්ට ලක්කිරීමට පෙර තාක්‍ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි. ජාතික ශාක ආරක්‍ෂක පනතට හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුව ජීවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව හා අපේක්‍ෂිත පොහොර පූර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්ත වන්නේද යන්න නියැදි ගෙන්වාගෙන රසායනාගාර පරීක්‍ෂණයන්ට ලක්කිරීමට පෙර තාක්‍ෂණික ඇගයීම් කමිටුව විසින් පොහොර ගෙන්වීමට නිර්දේශ කොට තිබුණි.

 එමෙන්ම තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පූර්ව සුදුසුකම් පරීක්‍ෂාවට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ඇති බැවින් අනිකුත් තාක්‍ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන් තාක්‍ෂණික ඇගයීම්වලට සහභාගි වී නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment