‘නියොකොව්’  කොවිඩ් ප‍්‍රභේදය  රටට ඒමට පෙර නතර කරන්න  – වෛද්‍ය නවීන් ද සොයිසා

302

‘නියොකොව්’ හෙවත් බී. ඒ. 2 නමැති කොවිඩ් වෛරස් ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමේ දැඩි අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘‘දිවයින’’ ට ඊයේ (03දා) පැවසීය.

‘ඔමික්‍රෝන්’ කොවිඩ් වෛරස් ප‍්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් හා වේගයකින් සංසරණය වන ‘නියොකොව්’ ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවන මරණ ප‍්‍රතිශතය ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

මෙම වෛරස් ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම වළකා ගැනීමට උපක‍්‍රමශීලීව සෞඛ්‍ය මාර්ගෝපදේශ හැසිරවිය යුතු බවත් මේ වන විට එම වෛරස් ප‍්‍රභේදය ව්‍යාප්ත රටවල් පිළිබඳව සැලකිල්ලට ගනිමින් එම රටවල සංචාරකයින් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

ගෝලීයකරණය සහ අන්තර්ජාතික සබඳතා පැවැත්වීම තුළින් ගෝලීය වසංගතයක් පාලනය කිරීම අපහසු වුවත් දුර්වලව පවතින මෙරට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගුවන්තොටුපළේදී සහ වරායන් තුළදී හෝ නිවැරදිව ක‍්‍රියාත්මක කළ හැකි නම් ‘නියොකොව්’ පැමිණීම වළක්වාලීම සහ පාලනය කිරීම සාර්ථකව කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment