නිර්වින්දන වෛද්‍ය හිඟය ජාතික රෝහලට වධ දෙයි

118

කොළඹ ජාතික රෝහලේ හදිසි හා සාමාන්‍ය සැත්කම් කටයුතු සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ප‍්‍රමාණවත් පිරිසක් නොමැතිවීමෙන් සැත්කම් කටයුතු කිරීමේදී දැඩි අභියෝග රැුසකට මුහුණදීමට සිදුවී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

 කොළඹ ජාතික රෝහලට අඩුම තරමින් නිර්වින්දන වෛද්‍යවරුන් එකසිය විසිපස්දෙනකු සිටිය යුතු මුත් මේ වන විට රෝහලේ සේවය කරන්නේ නිර්වින්දන වෛද්‍යවරුන් හැත්තෑදෙනකු පමණකැයි ද ඒ මහතා කීය.

 ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සැත්කම් කටයුතු සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් පනස්පස්දෙනකුගේ අඩුවක් පවතින බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

 මේ වන විටත් රෝහලේ එක් ශල්‍යාගාරයක කටයුතු නවතා දමා ඇති අතර අනෙක් ශල්‍යාගාර විස්සක සිදුකරන හදිසි හා සාමාන්‍ය සැත්කම් කරගෙන යෑමේදී බාධක රැුසකට මුහුණදීමට වෛද්‍යවරුන්ට හා වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව තිබේ.

 මීට පෙරාතුව සෑම කාලයකදීම ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් අනූහයදෙනකුගේ සේවය ලබාගත් බවත් ස්ථාන මාරු මත වෙනත් රෝහල් වෙත නිර්වින්දන වෛද්‍යවරුන් ගිය පසු එම පුරප්පාඩුවලට අලූතින් නිර්වින්දන වෛද්‍යවරුන් එවීමට පියවර

 නොගැනීම නිසා ජාතික රෝහලේ මෙම ප‍්‍රශ්නය ඇති වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.


 ශිරන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment