නිරාහාර රුධිර සීනි පරීක්ෂාවට සූදානම් වීම

2597

පරීක්ෂණයට පෙර හිතාමතා ආහාර පිළිවෙළ කෘති‍්‍රමව යහපත් කර ගැනීමට උත්සාහ නොකළ යුතුය. වැඩියෙන් ව්‍යායාමවල නොයෙදිය යුතුය. එසේ වුවහොත් ලැබෙන්නේ කෘති‍්‍රමව සකස් කරන ලද ප‍්‍රතිඵලයක් මිස ස්වාභාවයෙන් ශරීරයේ පවත්නා ග්ලූකෝස් කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රතිඵලය නොවේ.

 දියවැඩියාව රෝගය තිබේදැයි කියා හඳුනා ගැනීම සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ අතර නිරාහාර රුධිර පරීක්ෂාවට (Fasting Blood Sugar) (FBS) යනු වඩාත් සුලභව සිදුකරන පරීක්ෂණයකි.

 දියවැඩියා රෝග ඇති බවට හෝ ඊට පෙර අවස්ථාව වශයෙන් සැලකෙන පූර්ව දියවැඩියා අවස්ථාව හඳුනාගැනීමට මූලික වශයෙන් මෙම පරීක්ෂණය යොදා ගනී.

 නිරාහාර රුධිර පරීක්ෂාවට සූදානම් වීම

 මෙම පරීක්ෂණයට යොමුවීමට ප‍්‍රථමයෙන් කලින් දින රාති‍්‍රයේ පැය 8-10 අතර කාලයක් නිරාහාරව ගත කළ යුතුය.

 රාති‍්‍රයේ නිරාහාරව සිටිනවා වෙනුවට දිවා කාලයේ පැය 8 – 10 ක් අතර කාලයක් නිරාහාරව සිට මෙම පරීක්ෂණය සිදු කිරීම අනුමත කළ නොහැකිය.

 ඊට හේතු වන්නේ දිවා කාලයේදී ශරීරය විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදෙන නිසා ලැබෙන ප‍්‍රතිඵලය දෝෂ සහිතව අඩුවෙන් වාර්තා වීමට ඇති ඉඩකඩ සහිත වීමය.

 ජලය පානය කළ හැකිද?

 නිරාහාරව සිටින කාලය තුළ වතුර පානය කළ හැකිය. සීනි නොදමන්නේ නම් තේ හා කෝපි වුව පානය කළ හැකිය.

 මෙහිදී විශේෂයෙන් අවධානයට යොමු කළ යුත්තේ පරීක්ෂණය කරන දිනයට පෙර දින තුනක පමණ කාලයක් තිස්සේ සාමාන්‍යයෙන් අනුභවයට ගන්නා ආහාර පානම ගත යුතු බවය.

 එසේම සාමාන්‍ය ශාරිරික කි‍්‍රයාකාරීත්වයම පවත්වා ගත යුතුය. පරීක්ෂණයට පෙර හිතාමතා ආහාර පිළිවෙළ කෘති‍්‍රමව යහපත් කර ගැනීමට උත්සාහ නොකළ යුතුය. වැඩියෙන් ව්‍යායාමවල නොයෙදිය යුතුය. එසේ වුවහොත් ලැබෙන්නේ කෘති‍්‍රමව සකස් කරන ලද ප‍්‍රතිඵලයක් මිස ස්වාභාවයෙන් ශරීරයේ පවත්නා ග්ලූකෝස් කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රතිඵලය නොවේ.

 දිනපතා ගන්නා ඖෂධ නතර කළ යුතුද?

 ඇතැම් පුද්ගලයෝ විවිධ රෝග සඳහා ඖෂධ වර්ග දිනපතා භාවිත කරති. උපත් පාලන පෙති, ස්ටෙරොයිඩ ඖෂධ ආදිය මෙසේ දිනපතා ගන්නා අය මෙම පරීක්ෂණයට භාජනය විය යුත්තේද? එම ඖෂධ වෙනදා මෙන් ගන්නා අතරතුරදීය.

 ඇතැම් අය නිරාහාර රුධිර පරීක්ෂණය සඳහා පැය 12 ක් නිරාහාරව සිටිති. ඉන් පරීක්ෂණවල ප‍්‍රතිඵල සඳහා සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

 පරීක්ෂණයේ ප‍්‍රතිඵල

 නිරාහාරව සිදු කළ රුධිර පරීක්ෂණයේදී රුධිර සීනි අගය 100 ට අඩු නම් සාමාන්‍ය නිරෝගී රුධිර සීනි මට්ටමකි.

 රුධිර සීනි අගය 100-125 අතර මට්ටමක ඇත්නම් එය පූර්ව දියවැඩියා තත්ත්වයකි.

 රුධිර සීනි අගය 126 ට වැඩි නම් දියවැඩියා රෝගී තත්ත්වයට පත්ව ඇත.

 වෛද්‍ය අසංග විජයරත්න

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment