නිරිතදිග චීනයේ සිදු වූ භූමිකම්පාවකින් 03ක් මියයති, 60 කට තුවාල

73

නිරිතදිග චීනයේ ඊයේ (16දා) සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබේ. චීනයේ සිචුවාන් පළාතේ සිදුව ඇති මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6ක් වශයෙන් සඳහන්ව ඇති අතර ඒ හේතුවෙන් පළාතේ ගොඩනැගිලි ගණනාවකට හානි සිදුවී තාප්ප හා ගස් විශාල ප‍්‍රමාණයක් කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ.

 කිලෝ මීටර් 10ක සීමාවක් තුළ සිදුව ඇති මෙම භූමිකම්පාව හේතුවෙන් නිවාස 1221ක් සම්පූර්ණයෙන් ද තවත් නිවාස 3000කට අධික සංඛ්‍යාවක් අර්ධ වශයෙන්ද විනාශ වී ගොස් ඇති බව චීන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment