නිරිතෙන් එන ධන බලය

352

ජීවිතයේ ජයග්‍රහන සොයා යන විට ධනය ඊට අත්‍යාවශ්‍ය සාධකයක්. තම ජීවිතයට ධනය ලැබීම පිළිබඳව කේන්ද්‍ර සටහනේ 2, 10, 11 වැනි භාව වලින් පහසුවෙන් බලාගත හැක. එහෙත් එසේ ධන ලාභ තිබියදීත් ධනය නොලැබෙන අය සිටී. එතරම් ධන ලාභ කේන්ද්‍රයේ නොපෙන් වුවද ඇතැම් තැනැත්තන්ට ධනය ලැබේ. නිවසක නිරිත බලවත් කිරීම එහි රහසයි.

තමා ජීවත් වන නිවසේ නිරිත දිශාව බලවත් කිරීමත්, ශක්ති සම්පන්න කිරීමත් තුළින් තමාගේ ධන බලය වැඩිකර ගත හැක. ඒ සඳහා ගෘහ මූලිකයා තමාගේ ප්‍රධාන නිදන කාමරය ලෙස නිරිත කාමරය තෝරාගත යුතුය. එමෙන්ම නිරිත කාමරයට තිර රෙදි යෙදීමේදී ඝන තිර රෙදි භාවිත කිරීමට ද සිතට ගත යුතුයි.

අන්තරීය ශක්තිය නැතහොත් බොහෝ දෙනා කියන විශ්ව ශක්ති ගලායන රේඛාවන්හි ශක්ති ගබඩා නර්මස්ථානයක් ලෙස නිරිත පෙන්වා දිය හැක. එබැවින් ශක්තිය වැඩියෙන්ම රැඳෙන තැන ගෘහ මූලිකයා රැඳීමෙන් එම නිවසට ධනය ගලා එනු ඇත. ධන ශක්තිය වැඩි වනු ඇත. ජීවිතය ජය ගන්න තමාට අවැසි ධනය පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇත.

තවද කිසි විටෙකත් තම නිවසේ නිරිත කලාපයේ මුළුතැන්ගෙය, විදුලි පද්ධතිය, රත්වෙන දේ නොතැබිය යුතුයි. එමගින් ශක්තිය දැවී විනාශ වී යා හැක. නැතහොත් වහා පලායා හැක.

එමෙන්ම එහිදී දකුණ, නිරිත, බටහිර කලාපයේ තම මුදල්, ආභරණ, අල්මාරි තැබීම ද වඩා යෝග්‍යයි.

හිස දැමීමේදී දකුණු දිශාවට හිස දමා නිදා ගැනීමෙන් ධනය මෙන්ම, නිරෝගී බව ද තමාට ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තම කේන්ද්‍රයේ 2, 10, 11 යන තැන්හි සිටින ග්‍රහයන් උදෙසා අවශ්‍ය වත්පිළිවෙත් කරන අතරතුර ඔබට ඔබේ ප්‍රධාන නිදන කාමරය දකුණු නිරිතේ පිහිටවීමෙන් මෙවැනි දුෂ්කර සමයක වුවද ධන බලය නිර්මාණය කරගත හැක. 2, 10, 11 භාවවල සිටින ග්‍රහයන්ට අදාළ වර්ණ, ඊට අදාළ රූප ආදිය මේ සඳහා භාවිත කිරීමට ද පුළුවන.

උදාහරණක් ලෙස යමෙකුගේ 10, 11 වැනි තැනක බුධ තැන්පත් වී සිටී නම් ඔබට ඔබගේ නිදන කාමරයේ පලා පැහැති ලස්සන ගිරව් රංචුවක් සිටින පින්තූරයක් තබා ගැනීමෙන් එහි බලය වර්ධනය වේ. එසේ නැති නම් ධර්ම පොත් රාක්කයක් තබාගත හැක.

යමෙකුගේ 10, 11, 2 වැනි තැනක කුජ සිටී නම් ක්‍රිඩාශීලී තරුණ පිරිසක් සිටින වර්ණ ඡායාරූපයක් තබාගැනීම ඉතා උචිතයි. නැතහොත් හෙළ සටන්කරුවන් පිරිසකගේ සරබ අභ්‍යාස ඡායාරූපයක් තබාගත හැක. මෙසේ තම නිවසේ නිරිත දිශාව හා තම කේන්ද්‍රයේ ධන බලය නිමවන ග්‍රහයන් ඒකාබද්ධ කර ගැනීමෙන් රැකියාවේ දියුණුව, ආර්ථික සමෘද්ධිය, අතිරේක ධන මාර්ග විවර වීම ආදිය සිදුකරගත හැක.

කෙසේ වෙතත් දකුණු නිරිත කලාපයේ අබලි ද්‍රව්‍ය, අපිරිසිදු කිළිටි දේද තබන්න එපා. නිතර පිරිසිදුව තබාගන්න.

නිරිතෙන් එන ධන බලය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment