නිරුවත් ඡායාරූප ප‍්‍රසිද්ධ ස්ථානවල අලවනවා කියා දැරියක බය කළ පුද්ගලයාට ඇප

843

නිරුවත් ඡායාරූප ප‍්‍රසිද්ධ ස්ථානවල අලවන බවට තර්ජනය කරමින් බාලවයස්කාර දැරියකට අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඞ් භාරයේ පසුවූ සැකකරු රුපියල් ලක්‍ෂ 2 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු තේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

දැරියට නැවත හිංසාවක්, පීඩාවක් නොකළ යුතු බවට සැකකරුට අධිකරණයෙන් නියම කෙරිණි. අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ ජංගම දුරකතන දෙක සහ අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් පියවර ගෙන ලබන 19 වැනිදාට ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද අධිකරණයෙන් පොලිසියට නියෝග කෙරිණි.

නීතිඥ අශාන් ලක්මල් මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සරල කරුණාරත්න මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment