නිරූපමා හා සැමියා ගැන පරීක්‍ෂණයක් කරන්න… සජබ අල්ලස් කොමිසමෙන් ඉල්ලයි

240

පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිදරව් වී ඇති හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සහ ඔහුගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වහාම කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන්නැයි, සමගි ජනබලවේගය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 18 දෙනකුගේ අත්සන් සහිතව එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඊයේ (07 දා* විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

ඒ අනුව හිටපු නියෝජ්‍ය ඇමැතිවරිය සහ ඇගේ සැමියා 1990 වසරේ සිට කරන ලද විවිධ රහස්‍ය මුල්‍ය ගනුදෙනු, රහස් ඉපැයීම් විදේශයන්හි නිවෙස් මිලදී ගැනීම්, වටිනා සිතුවම් මිලදී ගැනීම් ආදී විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි ද එමගින් දීර්ඝ වශයෙන් ඉල්ලා තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment