නිරෝගී බවට බලපාන සිරුරේ විවර පහ

581

අප සෑම පුද්ගලයෙකුගේම සිරුර අභ්‍යන්තරයේ සිට බාහිරයට අපද්‍රව්‍ය පිටවන ස්ථාන පහක් ඇත. ඒවා විවරයන් ලෙස හඳුන්වනු ලබයි.

මුඛය, නාසය, කන්, ගුද මාර්ගය සහ මුත්‍රා මාර්ගය යනු එම විවර පහය. මෙම විවරයන් නිසි ලෙස ක්‍රියාත්මකවීම යනු අපගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිරෝගීව ක්‍රියාකරන බව දක්වන සංඥාවක් ලෙස සලකනු ලබයි.

● මුඛය

මුඛය හොඳින් ක්‍රියාකිරීම යනු දත්, දිව, විදුරුමස්, ගලනාලය සහ ආමාශය නිරෝගීව පවතින බවය.

දත් පණුවන් කා ඇත්නම්, නිතර සෙම් ගෙඩි හට

ගනීනම්, විදුරුමස් දියවේ නම්, ආමාශයේ ආම රෝග පවතීනම් මුඛය දැඩි දුර්ගන්ධයකින් යුක්ත වේ. එසේ මුඛය දැඩි දුර්ගන්ධ නම් වහාම තම සිරුරේ නිරෝගී බව පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

● නාසය

නාසය යනු අපට ජීවය ලබාදෙන ඔක්සිජන් වායුව පෙනහලු වෙත රැගෙන යන ප්‍රධානතම විවරයයි. නාසයෙහි යම් දුර්වලතා හටගතහොත් පෙනහලු වෙත ඔක්සිජන් ගමන් කිරීමට බාධා ඇතිවේ. එවිට අපගේ සිරුර රෝගී වේ.

● කන්

කන් යැයි පැවසූවිට අපට එකවිට සිහියට නැගෙන්නේ හඬ ඇසීමට උපකාරී වන ඉන්ද්‍රයක් පමණක් බවය. නමුත් කන් යනු මොළය හා කෙළින්ම සම්බන්ධ ඉන්ද්‍රියකි. එනිසා එහි විවරය ආරක්ෂා කර නොගතහොත් මොළයට හානි ඇතිවේ.

කනෙහි කිසියම් බාහිර ආසාදනයක් ඇතිවුවහොත් වහාම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුය.

● ගුද මාර්ගය

අප සිරුරට බාහිරින් ගනු ලබන ආහාරපානවල මළ අප ද්‍රව්‍ය බැහැර කරන්නේ ගුද මාර්ගයෙනි. එය නිරෝගීව පැවතීම යනු ආහාර ජීර්ණ මාර්ගය නිරෝගී බව දක්වන සංඥාවකි.

දිනපතා නිසි ලෙස මළ පිට නොවේ නම් හෝ අධික ලෙස මළ පිටවේ නම් එය සිරුරේ කිසියම් රෝගයක එක් ලක්ෂණයකි.

● මුත්‍රා මාර්ගය

වකුගඩු සමඟ කෙළින්ම සම්බන්ධ මුත්‍රා මාර්ගය මගින් ඉතා පහසුවෙන් සිරුරට විෂබීජ ඇතුළු විය හැකිය.ඒ නිසා මුත්‍රා මාර්ගය මගින් සිරුරින් මුත්‍රා බැහැර කර සිරුරේ ඇති අපද්‍රව්‍ය ඉවත්කරනවා හා සමානව ඉතා පහසුවෙන් සිරුරට විෂබීජද ඇතුළු විය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔවුන්ගේ යෝනි මාර්ගය ඔස්සේ විෂබීජ ඇතුළුවී එය මුත්‍රා මාර්ගට ඉතා කෙටි කාලයක් තුළ එක්වමට ඇති අවස්ථාව වැඩිය.

නිතර නිතර මුත්‍රා මාර්ගයට විෂබීජ එක්වීමෙන් වකුගඩු අක්‍රියවීමට බලපායි.

මෙම තත්ත්වය මත අප සෑම කෙනෙක්ම අපගේ සිරුරේ ඇති බාහිර සහ අභ්‍යන්තරය සෘජුවම යා කරන මෙම විවරයන් පහ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

ඒ සඳහා එම විවරයන් නිතර පවිත්‍රව තබා ගැනීමට සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය.

නිරෝගී බවට බලපාන සිරුරේ විවර පහ

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ
විශේෂ වෛද්‍ය – ජිනසිරි ලියන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment