නිරෝධායනයට ආ ඉන්දියානුවා හොරෙන් එන්නත් ගෙනත්

87

නිරෝධායන කටයුතු සඳහා මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයකු නීති විරෝධීව මෙරට රැුගෙන ආ ටොසිලිසුමාබ් නමැති ඖෂධ මිලිග‍්‍රෑම් 200 ක් සහිත එන්නත් 10 ක් කටුනායක, ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (03 වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03 වැනිදා) අලූයම ගුවන් යානා හතරකින් හාරසියයකට අධික ඉන්දියානු ජාතිකයන් පිරිසක් නිරෝධායනය සඳහා මෙරටට පැමිණ ඇති බවත් ගුවන්තොටුපළ රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිවක් ප‍්‍රකාශ කිරීමට නොමැති දොරටුවෙන් (ග‍්‍රීන් චැනල්) මෙම ඉන්දියානු ජාතිකයා පිටවීමට උත්සාහ කිරීමේදී ඔහු ගැන සැක සිතී රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ල පරීක්‍ෂා කිරීමේදී මෙම එන්නත් සොයාගෙන තිබේ.

විදේශ ජාතිකයන් මෙරටට ඖෂධ වර්ග රැගෙන ඒමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් මෙම ඉන්දියානු ජාතිකයා සතුව නොතිබූ බවත් ගුවන්තොටුපළ රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මෙරට පැමිණි ඉන්දියානු ජාතිකයන් නිරෝධායනයෙන් පසුව මැදපෙරදිග රටවල් බලා පිටත්ව යන බව රේගුවට ප‍්‍රකාශ කළ බවත් ගුවන්තොටුපළ රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment